26 - ඉමාම් අබ්දුල් කාදිර් ජිලානි රහ්මතුල්ලාහි අලෛහි

ඉමාම් අබ්දුල් කාදිර් ජීලානි රහ්මතුල්ලාහි අලෛහි තුමා 'ජීලානි' යන ගමේ උපන්නේ ය.

ඔහුගේ පියා සෛයිද් අබූ සාලිහ් ය.

මව උම්මුල් කයිර් ය.

එතුමා කුඩා කාලයේ පටන් ම ඇත්ත කතා කරන්නෙක් විය.

මවට කීකරු ව ජීවත් වූවේ ය.

ඉගෙනීමට උනන්දු වූ ඔහු ඉගෙනුම සඳහා බග්දාද් නගරයට ගියේ ය.

බග්දාදයේ දී උගත් එතුමා උසස් විද්වතෙකු බවට පත් වූවේ ය.

එතුමා ජනතාවට දේශනා පැවැත්වූ වේය.

එම දේශනාවලට සවන් දුන් බොහෝ දෙනෙක් යහමගට හැරුණෝ ය.

ඉස්ලාමීය ලෝකවැසියන් එතුමාණන්ව අගයයි.

අපිත් හොඳින් ඉගෙන ගෙන උසස්
තත්ත්වයකට පත්වෙමු.