9 - සතුන්ට කරුණාව දක්වමු

බුදු හාමුදුරුවෝ සතුන්ටත් කරුණාව දැක්වූවා.

දවසක් බුදු හාමුදුරුවෝ පාරේ වඩින අතර ළමයි ටිකක් එකතු වෙලා ගල්වලින් පොලූවලින් ගැරඬියකුට ගහනවා දැක්කා.

"දරුවනි, ඇයි ඔය සතාට ගහන්නේ?" බුදු හාමුදුරුවෝ ළමයින්ගෙන් ඇහුවා.

"ස්වාමීනී, අපි හදන්නේ මේ සර්පයා මරන්න."

"ඔය දරුවෝ කැමැති ද කවුරු හරි ඔය දරුවන්ට ගල්වලින් පොලූවලින් පහර දෙනවාට?" "අපෝ ! නෑ, අපි කැමැති නෑ. එතකොට අපට රිදෙනවා, තුවාල වෙනවා." ළමයි කිවුවා.