ගුරුන් ගුණ මහත ය
දෙගුරුන් ගුණ ද මහත ය
මෙකී ගුණ මහත ය
සැලකු අය හට මහත් සැපත ය
අපේ ගුරුවරුන්ගේ ගුණ බොහෝ ය. ඒ වගේ ම අපේ දෙමවුපියන්ගේ ගුණ ද බොහෝ ය. ගුරුවරුන්ට හා දෙමවුපියන්ට සලකන අය බොහෝ දියුණුවට පත් වේ.
ගෙදොර සැම කටයුතු
හොඳින් සලකා කළ යුතු
කීවට නො කළ යුතු
කරනු සතුටින් බලා කටයුතු
නිවසේ සෑම දෙයක් ම හොඳින් සොයා බලා කරන්නට අප පුරුදු විය යුතු ය.