හාජරා හොඳ දරුවෙකි.
ඇය දිනපතා ම දිය නායි;
සිරුරේ ඇති අපිරිසිදු දෑ ඉවත් කරයි;
තම ඇඳුම් සෝදා අඳියි;
තමා භාවිත කරන ද්‍රව්‍ය පිරිසිදු ව තබයි;
වැසිකිළිය ද පිරිසිදු ව තබයි;
දිනපතා විෂබීජ ඉවත් වන අයුරින් එය සෝදයි;
වැසිකිළි යාමට පෙර පාවහන් පැලඳ ගනියි;
අදාළ දුආව පාරායනා කරයි;
වමතින්, අපවිත්‍ර දෑ ඉවත් කර පිරිසිදු කරයි;
පිටවූ පසු ද ජලය වක්කරයි;
පිට වූ පසු දුආ පාරායනය කරයි;
වැසිකිළිය වසා තබයි;
අපි ද හොඳ පුරුදු අනුගමනය කරමින් යහපත් දරුවන් වශයෙන් වැඩෙමු.