ප්රධාන දිශා හඳුනා ගනිමු.
(1) පහත රූපය දෙස බලා ප්රශ්නවලට පිළිතුරු සපයන්න.
- නිවසට උතුරු දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක් ද?
- නිවසට දකුණු දෙසින් පිහිටා ඇත්තේ කුමක් ද?
- නිවසට නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක් ද?
- මල් පාත්තියට නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවා ද?
- ගේට්ටුවට උතුරු දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවා ද?
- ළිඳට බස්නාහිර දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවා ද?
(2) පහත දැක්වෙන්නේ කූඹියෙකුගේ ගමන් මාර්ගය පිළිබඳ විස්තරයකි. අදාළ ගමන් මාර්ගය අඳින්න.
- P ස්ථානයේ සිට කොටු 3ක් නැගෙනහිරට ගමන් කරයි.
- එතැන් සිට උතුරු දිශාවට කොටු 5ක් ගමන් කරයි.
- එතැන් සිට බස්නාහිර දිශාවට කොටු 3 ක් ගමන් කරයි. කූඹියා දැන් සිටින්නේ ආරම්භක ස්ථානයට කුමන දිශාවෙන් ද?
- එතැන් සිට කූඹියා කොටු 5 ක් දකුණු දිශාවට පැමිණේ. දැන් කූඹියා සිටින්නේ කොතැන ද?
(3) රූපයේ දැක්වෙන්නේ නගර කිහිපයක පිහිටීම දැක්වෙන සැලැස්මකි. ඒ ඇසුරෙන් අසා ඇති ප්රශ්නවලට පිළිතුරු සපයන්න.
- C නගරයට උතුරින් පිහිටා ඇති නගරය කුමක් ද?
- E නගරයට නැගෙනහිරෙන් පිහිටා ඇති නගර මොනවා ද?
- B නගරයට දකුණින් පිහිටි නගරය කුමක් ද?
- C නගරයට බටහිරින් පිහිටි නගර මොනවා ද?
(4) පහත දී ඇති උපදෙස්වලට අනුව ගැළපෙන රූපය කොටුව තුළ අඳින්න.
- ගසට උතුරෙන් කුරුල්ලෙකු අඳින්න.
- ගසට නැගෙනහිරින් සමනළයෙකු අඳින්න.
- කුරුල්ලාට දකුණෙන් ළමයෙකු අඳින්න.
- සමනළයාට බස්නාහිරෙන් හාවෙකු අඳින්න.