ශු. ලූක් 7: 36 - 50
දිනක් ජේසුස් වහන්සේ සීමොන් නම් පරිසියාගෙන් ලද ආරාධනාවකට අනුව ආහාර ගැනීම පිණිස ඔහුගේ නිවසට වැඩිය සේක.
ඒ නුවර සිටි පව්කාර ස්ත්‍රියක් ජේසුස් වහන්සේ වැඩහුන් බව දැන සුවඳ විලෙවුන් පිරුණු කිරිගරුඬ කරඬුවක් රැගෙන එතැනට ආවා ය.
ඇය උන්වහන්සේ පාමුල සිට උන්වහන්සේගේ පාද කඳුළෙන් තෙමෙන්නට හැර හිසකේ වලින් පිස දමා සුවඳ විලේපනයන් ආලේප කළා ය. මේ අතර සීමොන් නම් පරිසියා, "මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනත්තියක් ද" කියා දැන ගනු ඇතැයි සිතී ය.
එවිට ජේසුස් වහන්සේ සීමොන්ට කතා කොට මෙසේ පැවසී ය. "මුදල් ණයට දෙන එක්තරා මිනිසකුට ණයකාරයන් දෙදෙනෙක් සිටියා. දෙදෙනා රිදී කාසි පන්සියයක් සහ
පන්දහසක් වශයෙන් ණය වී සිටියා. ණය ගෙවීමට ඔවුනට හැකිකමක් නොතිබූ නිසා ණය හිමියා ඔවුන්ට කමා කළා. "මෙය පැවසීමෙන් පසු ණයකරුවන් දෙදෙනාගෙන් ණය හිමියාට වැඩියෙන් ප්‍රේම කළේ කවුදැයි උන්වහන්සේ සීමොන්ගෙන් ප්‍රශ්න කළා. "වැඩියෙන් කමාව ලැබූ තැනැත්තා" යැයි සීමොන් උත්තර දුන්නා.
නැවතත්ජේසුස් වහන්සේ සීමොන්ට කතාකොට මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නේද? මම ඔබේ ගෙදරට ඇතුළු වුණා. ඔබ මගේ පාද සේදීමට වතුර දුන්නේ නැහැ. එහෙත් මෑ කඳුළෙන් පාද තෙමා හිසකෙස් වලින් පිසදැමුවා. ඔබ මා සිපගත්තේ නෑ. එහෙත් මෑ මාගේ පාද සිඹ ගත්තා. ඇගේ බොහෝ පව් ඇයට කමා කළ බව ඈ දැක්වු ප්‍රේමයෙන් පෙනෙන බව පැවසුවා.
ඔබේ පව් ඔබට කමා කරන ලදැයි ජේසුස් වහන්සේ ස්ත්‍රියට පැවසූ සේක. එවිට පව් කමාව දෙන මොහු කවරෙක් ද කියා උන්වහන්සේ සමග කෑමට සිටි අය තම තමන් අතර විමසූහ. ඔබේ ඇදහිල්ල ඔබට ගැලවීම ගෙන දුන්නේ ය. ශාන්ත සිතින් යන්නැයි උන්වහන්සේ ඒ ස්ත්‍රියට වදාළ සේක.
ජේසුස් වහන්සේ මෙන් අපි ද සැම දෙනා එක සේ පිළිගනිමු!