ක්‍රියා 9 : 38 - 42
ජොප්පාවෙහි දොර්කස් නම් කාන්තාවක් සිටියා ය. ඇය තබිතා නමින් ද හැඳින්වුවා ය. තබිතා බොහෝ යහපත් ක්‍රියා සිදු කළා ය. දන්දිමෙහි ද යෙදී සිටියා ය. දිනක් ඇය රෝගී වී මරණයට පත් වුවා ය. එහි සිටි පිරිස ඇය නාවා උඩුමහලක තැබුවෝ ය. මේ වන විට පේදුරු තුමා ජොප්පාවට ආසන්න ලිද්දාවෙහි සිටින බව ශ්‍රාවකයන්ට දැනගන්කට ලැබුණි. එහෙයින් පේදුරු තුමා කැඳවාගෙන පැමිණිමට මනුෂ්‍යයෝ දෙදෙනෙක් පිටත් වූහ.
මනුෂ්‍යයන්
දෙදෙනා: පේදුරු..... පේදුරු..... ජොප්පාවෙහි සිටි දොර්කස්ගේ අසනීපය වැඩි වී, ඇය මරණයට පත් වෙලා. හැකි ඉක්මනින් අප සමග එන්න.
පේදුරු තුමා: ම්.... හොඳයි අපි යමු.
(පේදුරු තුමා පැමිණි කල එතැන සිටි පිරිස පේදුරු තුමන් උඩුමහලට කැඳවාගෙන ගියෝ ය. බලවත් දුකින් එතැන සිටි වැන්දඹුවන් හඬමින්....)
වැන්දඹුවෝ: අනේ... දොර්කස් අපිත් සමග සිටිද්දී ඇය මහපු කමිස, කබා තමා මේ තියෙන්නේ.
පේදුරු තුමා: ඔබ සියලූ දෙනා මෙතැනින් ඉවත්ව පිටතින් සිටින්න.
එතැන සිටි
සමූහයා : හොඳයි... අපි මෙතැනින් ඉවත්ව පිටතින් සිටින්නම්.
(පේදුරු තුමා ද‚න් හිඳ යාච්ඤා කළ පසු...)
පේදුරු තුමා: තබිතා... නැඟිටින්න....
(එවිට මිය ගොස් සිටි ඇය ඇස් ඇර පේදුරු තුමා දැක හිඳ ගත්තා ය. පේදුරු තුමා ඇය අතින් අල්ලා නැඟිටුවේ ය. පේදුරු තුමා එතැන සිටි පිරිසට තබිතා භාර දුන්නේ ය.)
එතැන සිටි
සමූහයා : හරි පුදුමයි... දොර්කස් මර‚න් නැඟිටවලා.... දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.... පේදුරු තුමාගේ යාච්ඤාවට දෙවියන් වහන්සේ පිළිතුරු දුන්නා.
පේදුරු තුමා මෙන් යාච්ඤා කරමු!
පිළිතුරු ලබමු!