8 - කාලය 1

වේලාව කියවමු.

(1) එක් එක් ඔරලෝසු මුහුණතෙහි දැක්වෙන වේලාව අකුරෙන් හා ඉලක්කමෙන් ලියන්න.

(2) දී ඇති වේලාව ඔරලෝසු මුහුණතෙහි දක්වන්න.

ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව සමහර අවස්ථාවල ආකාර දෙකකින් ප්‍රකාශ කළ හැකි වේ.

(3) ඔරලෝසු මුහුණතෙහි දැක්වෙන වේලාව කියවිය හැකි ආකාර ලියන්න.

(4)  පහත එක් එක් වගන්තියේ දක්වා ඇති වේලාව, පෙරවරු හා පස්වරු යොදා නැවත ලියන්න.

  1. බැංකුවක ගනුදෙනු කටයුතු සවස 3.00ට අවසන් වේ.
  2. වෛද්‍ය සායනය උදේ 9.00ට ආරම්භ වේ.
  3. සත්වෝද්‍යානය නැරඹීම සවස 5.00ට අවසන් වේ.
  4. කාර්යාල දුම්රිය උදෑසන 7.45ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වේ.

 

(5) පැය 12 ඔරලෝසුවෙන් දැක්වෙන වේලාව, පැය 24 ඔරලෝසුවේ වේලාවෙන් ලියන්න.

(6) පැය 24 ඔරලෝසුවේ වේලාව, පැය 12 ඔරලෝසුවේ වේලාවෙන් ලියන්න.