22 - කාලය 2
ගත වූ කාලය සොයමු.
(1) ගැටලු විසඳන්න.
- තාත්තා පෙ.ව. 6.45ට නිවසින් පිටත් වී පෙ.ව. 8.15ට කාර්යාලයට ගියේ ය. තාත්තාට කාර්යාලයට යාමට ගත වූ කාලය සොයන්න.
- අක්කා ප.ව. 2.45ට ගවුමක් මැසීමට පටන් ගෙන ප.ව. 5.30ට එය මසා අවසන් කළා ය. ගවුම මසා අවසන් කිරීමට ගත වූ කාලය කොපමණ ද?
- කාර්යාල දුම්රිය පෙ.ව. 4.50ට මහව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා පෙ.ව. 8.35ට කොළඹ කොටුවෙන් ගමන අවසන් කරයි. ගමන සඳහා ගත වූ කාලය කොපමණ ද?
(2) ගැටලු විසඳන්න.
- පෙ.ව. 7.30ට පාසල ආරම්භ වී ප.ව. 1.30ට අවසන් වූයේ නම්, පාසල පැවැත්වූ කාලය කොපමණ ද?
- ක්‍රීඩා කණ්ඩායමක් පෙ.ව. 8.35ට තම පුහුණුවීම් කටයුතු ආරම්භ කරති. ඔවුහු ප.ව. 2.15ට පුහුණුවීම් අවසන් කරති. පුහුණුවීම් කටයුතු සඳහා ගත කළ කාලය සොයන්න.
- කුඹුරක ගොයම් කැපීම පෙ.ව. 8.45ට ආරම්භ වී ප.ව. 4.30 ට අවසන් විය. ගොයම් කැපීමට ගත වූ කාලය සොයන්න.
- ආගමික වැඩසටහනක් පෙ.ව. 9.30ට ආරම්භ කර ප.ව. 2.10ට අවසන් විය. එය පැවැත්වූ කාලය කොපමණ ද?
වේලාව ගණනය කරමු.
(3) ගැටලු විසඳන්න.
- ප්‍රාථමික අංශයේ සිඟිතිපොළ පෙ.ව. 8.15ට ආරම්භ විය. එය පැය 3 මිනිත්තු 30කින් අවසන් විය. සිඟිතිපොළ අවසන් වූ වේලාව කීය ද?
- පාසල් නාට්‍ය දර්ශනයක් පෙ.ව. 9.35ට ආරම්භ විය. එය පැය 2 මිනිත්තු 45කින් අවසන් විය. නාට්‍ය දර්ශනය අවසන් වූ වේලාව කීය ද?
- ප.ව. 5.32ට ආරම්භ වූ වර්ෂාව පැය 3 මිනිත්තු 45ට පසු නතර විය. වර්ෂාව නතර වූ වේලාව කීය ද?
(4) ගැටලු විසඳන්න.
- නයනා පොතක් කියවීමට පැය 2යි මිනිත්තු 30ක් ගත කරයි. ඇය ප.ව. 3.45ට එම පොත කියවා අවසන් කළා ය. නයනා පොත කියවීම ආරම්භ කළ වේලාව කීය ද?
- පාපැදි තරගකරුවෙක් පැය 4යි මිනිත්තු 15ක පුහුණුවීමකින් පසු පෙ.ව. 10.30ට පුහුණු වීම අවසන් කළේ ය. ඔහු පුහුණුවීම් ආරම්භ කළ වේලාව කීය ද?
- ප්‍රාථමික අංශයේ කී්‍රඩා උලෙළ ප.ව. 1.30ට අවසන් විය. එය පැය 5ක කාලයක් පැවතුණි. ක්‍රීඩා උලෙළ ආරම්භ කළ වේලාව කීය ද?