8 න් බෙදමු.
(1) දීර්ඝ බෙදීමේ ක්‍රමයට පිළිතුරු ලබා ගන්න.
(2) ගැටලු විසඳන්න.
- දොඩම් ගෙඩි 848ක් අට බැගින් ඇසුරුම් කර ඇත. ඇසුරුම් ගණන කීය ද?
- බෝල 957ක් තිබේ. කසුන්, ඒවා අට බැගින් පෙට්ටිවලට දමයි. බෝල අට බැගින් වූ පෙට්ටි ගණන කීය ද? බෝල කීයක් ඉතුරු වේ ද?
9 න් බෙදමු.
(3) දීර්ඝ බෙදීමේ ක්‍රමයට පිළිතුරු ලබාගන්න.
(4) ගැටලු විසඳන්න.
- සරඹ සංදර්ශනයක දී ළමයි 144ක් 9 දෙනා බැගින් කණ්ඩායම් වෙති. සකස් වුණු කණ්ඩායම් ගණන කීය ද?
- ළමා කතන්දර පොත් 270ක් පුස්තකාල 9කට සමාන ප්‍රමාණවලින් බෙදා දෙන ලදි. එක් පුස්තකාලයකට ලැබුණු පොත් ප්‍රමාණය කොපමණ ද?
- කෙසෙල් පැළ 839ක් 9 බැගින් ගොවීන් කී දෙනෙකුට බෙදා දිය හැකි ද? ඉතුරු පැළ ද එක් අයෙකුට එක බැගින් නැවත බෙදා දුන් විට කෙසෙල් පැළ 10ක් බැගින් ලැබුණු ගොවීන් ගණන කීය ද?
10 න් බෙදමු.
(5) 10 න් බෙදීම ඇසුරින් හිස්තැන් පුරවන්න.
(6) පිළිතුරු ලබා ගන්න.
(7) ගැටලු විසඳන්න.
- අමල්, ඉරටු කැබලි 800ක් 10 බැගින් මිටි බඳියි. සෑදිය හැකි මිටි ගණන කීය ද?
- පානීය ජල බෝතල් 450ක්, එක් පෙට්ටියකට 10 බැගින් ඇසිරීමට අවශ්‍ය පෙට්ටි ගණන කොපමණ ද?
- බිත්තර 657ක් ඇති කූඩයකින් බිත්තර 10 බැගින් වූ ඇසුරුම් කීයක් සැකසිය හැකි ද? බිත්තර කීයක් ඉතුරු වේ ද?
- තල බෝල 804ක් එක් බෝතලයකට සමාන තල බෝල ගණනක් වන සේ බෝතල් 10කට දමන ලදි. එක් බෝතලයකට දැමූ තල බෝල ගණන කීය ද? තල බෝල කීයක් ඉතුරු වේ ද?