(1) අගය සොයන්න.
(2)
පහත එක් එක් රවුම තුළ ඇති භාණ්ඩ මිල දී ගත් විට ගෙවිය යුතු මුදල සොයන්න.
(3) මිල දර්ශනය බලා ගෙවිය යුතු මුළු මුදල සොයන්න.
- ෆාතිමා පැන්සල් පෙට්ටියක් හා සපත්තු කුට්ටමක් මිල දී ගත්තා ය. ඒ සඳහා ඇය ගෙවිය යුතු වූ මුළු මුදල කීය ද?
- මීනා ගවුමක්, බෑගයක් හා කෑම පෙට්ටියක් මිල දී ගත්තා ය. ඒ සඳහා ඇය ගෙවිය යුතු වූ මුළු මුදල කීය ද?
- සපත්තු කුට්ටමක්, කමිසයක් හා කලිසමක් මිල දී ගත් රමේෂ් ඒ සඳහා ගෙවූ මුළු මුදල කීය ද?
- වත්සලා සපත්තු කුට්ටමක්, ගවුමක් හා කෑම පෙට්ටියක් මිල දී ගත්තා ය. ඒ සඳහා ඇය ගෙවිය යුතු වූ මුළු මුදල කීය ද?
(4) භාණ්ඩවල මිල ගණන් බලන්න. ඒ ඇසුරෙන් භාණ්ඩ මිල දී ගෙන මුදල් ගෙවූ පසු ලැබෙන ඉතුරු මුදල සොයන්න.
(5) ගැටලූ විසඳන්න.
- නිම්නා කඩයට ගියේ ගවුමක් මිල දී ගැනීමට ය. ගවුමේ මිල රුපියල් 1300කි. එහෙත් ඈ ළඟ තිබුණේ රුපියල් 925කි. එය මිල දී ගැනීම සඳහා ඇයට තව කොපමණ මුදලක් අවශ්‍ය වේ ද?
- රමේෂ්ට කුඩයක් මිල දී ගැනීමට නම් තව රුපියල් 150ක් අවශ්‍ය වේ. කුඩයේ මිල රුපියල් 450ක් නම් ඔහු කඩයට යන විට රැගෙන ගිය මුදල කොපමණ ද?
- කෙවින් රුපියල් 1500ක් අතැතිව කඩයට ගියේ ය. ඔහුට රුපියල් 1800ක කලිසමක් මිල දී ගැනීම සඳහා තව කොපමණ මුදලක් අවශ්‍ය වේ ද?