ඔබ 6-වසර දහම් පාසල (බෞද්ධ) විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

6-වසර දහම් පාසල (බෞද්ධ) Past Papers

6-වසර දහම් පාසල (බෞද්ධ) Syllabus

කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු

6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් පෙළ පොත් වල එන භාවනා පාඩම් හැර පාලි අභිධර්මය ඇතුලු අනෙකුත් සියලුම පාඩම් ආවරණය වන පරිදි “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” සකසා ඇත.විභාගයේදී විමසිය හැකි වැදගත් කරුණු සාරාංශ වන පරිදි සෑම පාඩමකටම වෙන වෙනම සැකසූ කෙටි සටහන් මෙහි ඇතුලත්ය. පාඩම උගන්වා අවසානයේදී ඉගැන්වූ පාඩමට අදාල කෙටි සටහන දරුවාගේ සටහන් පොතට ඇතුලත් කිරීමට සුදුසු වන පරිදි මෙය සකසා ඇත. තවද පාඩම උගන්වන අතරතුර පාඩම තුල හමුවන ඇතැම් සංකීර්ණ දහම් කරුණු සරළව විග්‍රහ කොට කෙටි සටහනට ඇතුලත් කොට ඇත. නමුත් එම විග්‍රහ කිරීම් දරුවාගේ සටහන් පොතට ඇතුලත් කළයුතු නැත.

ඇතැම් සංකීර්ණ දහම් කරුණු විග්‍රහ කිරීමේදී මූලාශ්‍ර වශයෙන්,
1. වෙනත් ශ්‍රේණියක දහම් පාසල් පෙළ පොතක්
2. එම ශ්‍රේණියේම වෙනත් පාඩමක්
3. ධර්මාචාර්ය විභාගයට අදාල පෙළ පොත්
4. රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ කෘතීන් හෝ
5. බොහෝ විට අන්තර්ජාලය ද
උපයෝගී කරගෙන ඇත.

සෑම පාඩමකම කෙටි සටහන් එකම රටාවකට අනුව සකසා ඇති අතර කෙටි සටහන් භාවිතයේදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

  1. කෙටි සටහන් මාලාවේ ඇතැම් තැනකසටහන:-වශයෙන් දක්වා ඇත්තේ,
    i. දහම් කරුණක වැඩිදුර පැහැදිලි කිරීමක් හෝ
    ii. ගුරුවරුන් වෙනුවෙන් විශේෂ සටහනක් ය.

  2. සටහන:-ලෙස දක්වා ඇති වැඩිදුර පැහැදිලි කිරීම් දරුවාගේ සටහන් පොතට ඇතුලත්නොකළ යුතු අතර එම කරුණු පාඩම විස්තර කර දීමේදී අවශ්‍යනම් උපකාර කරගත හැක.

  3. ඇතැම් සටහන් ගුරුවරයාගේ වැඩිදුර අවබෝධය සඳහාම පමණක් වන අතර ඒවා දරුවා සමග සාකච්ඡා කළ යුතු වන්නේ නැත.

  4. බොහෝ සටහන් වල ඇති වැඩිදුර විස්තර කිරීම් විෂයනිර්දේශයට පරිබාහිර වන අතර එම කරුණු විභාගයේදී විමසනු නොලැබේ.

  5. පාඩමකට අදාල කෙටි සටහනේ ඇතුලත් සියලුම කරුණු සටහන් පොතට ඇතුලත් කළ යුතු නැත. අනවශ්‍ය යැයි සිතෙන කරුණු ඉවත් කොට අමතර කරුණු එක් කොට කෙටි සටහන සංශෝධනය කිරීමට ගුරුවරයාට නිදහස ඇත.

  6. 10 ශ්‍රේණිය පෙළ පොතේ පාලි 10 වන පාඩමට සහ භාවනා පාඩම් 2 ට කෙටි සටහන් සකසා නැත.

දහම් පාසල් පෙළ පොතක පාඩමකට අදාල කෙටි සටහනක් සැකසීමට පෙර එම පාඩමින් පසුගිය වර්ෂ වල විභාග වලදී විමසන ලද ප්‍රශ්න පිළිබඳව සොයා බලා නිරන්තරයෙන් විමසීමට ලක් වන කොටස් කෙරෙහි වැඩි අවධානයක් යොමු වන පරිද්දෙන් සහ මේ වනතුරු විමසා නොතිබුනද ඉදිරියේදී විමසීමට ලක් විය හැකි කොටස් තෝරා බේරා වෙන් කර ගැනීමෙන් කෙටි සටහන් වඩාත් ඵලදායී කරගත හැක. ඒ සඳහා අවශ්‍ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සොයාගැනීමත්, පාඩමෙ සඳහන් ඇතැම් කරුණු වලට වැඩිදුර විග්‍රහ සෙවීමත්, අනවශ්‍ය කරුණු ඉවත් කොට අත්‍යාවශ්‍ය ම කරුණු පමණක් ඇතුලත් කිරීමත්, පාඩමේ සමස්ථ කෙටි සටහන හැකිතාක් කෙටි කිරීමත් ආදිය පිළිබඳව සැලකීමේදී එක් පාඩමකට වූවද කෙටි සටහනක් සැකසීම එතරම්ම පහසු කටයුත්තක් නොවන බව පැහැදිලි වේ.

එම පාඩමේ තරමක් සංකීර්ණ දහම් කරුණු වෙතොත් විෂය පිළිබඳව හසල අවබෝධයක් ඇති ගිහි පැවිදි පිරිස සමග සම්බන්ධ වී දහම් කරුණු වල විස්තර විග්‍රහ සෙවීමට ඇතැම් විට දින ගණනාවක් ගතවූ අවස්ථා පවා තිබේ. එසේ කැටි කොටගත් කරුණු යලිත් වරක් හෝ දෙවරක් කියවා බලා සංස්කරණය කිරීමෙන් අනතුරුව අවසාන් කෙටි සටහන සකසනු ලැබේ.

එවැනි එක් පාඩමකට අදාලව කෙටි සටහනක් සැකසීම පවා සැබවින්ම පහසු කටයුත්තක් නොවේ. එවැනි පාඩම් 70 කට ආසන්න සංඛ්‍යාවකට කෙටි සටහන් සැකසීම ඉතා අපහසු මෙන්ම සැබැවින්ම වෙහෙසකර කටයුත්තකි. එයට වඩාත්ම හේතු වී ඇත්තේ එම පාඩම් අතරට පාලි පාඩම් 10 ක් හා අභිධර්මය පාඩම් 10 ක් ද එක්වී තිබීමයි. කෙසේ හෝ වෙහෙස දරා සැලකිය යුතු කාලයක් වැය කොට 10 ශ්‍රේණිය දහම් පාසල් පෙළ පොතට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් සියල්ල සකසා නිම කොට ඇත.

නමුත් තවදුරටත් ඒ තුල වැරදි අඩුපාඩු මෙන්ම සංස්කරණය විය යුතු තැන්, වාක්‍ය නොගැලපීම්, අක්ෂර දෝශ ආදියද තිබිය හැකි වේ. මීට අමතරව වැදගත් කරුණු මගහැරී ඇති අවස්ථා ද, අනවශ්‍ය කරුණු එකතු වී ඇති අවස්ථා ද තිබිය හැක. සටහන් සැකසීම හා සංස්කරණය යන කාර්යයන් දෙකම තනි පුද්ගලයෙකු විසින් සිදුකිරීමේදී ඇතැම් අත්වැරදීම් ඇසට අසු නොවී මගහැරී යාම මෙයට එක් හේතුවක් විය හැකිය.

තවද කෙටි සටහන් ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී තවදුරටත් සංස්කරණය විය යුතු තැන් හමු විය හැක. එසේ බලන කල “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” සැබැවින්ම තවමත් සම්පූර්ණයෙන් ම සකසා නිම කොට නැත. එකී නොකී දහසකුත් එකක් අඩුපාඩු මගහරවා ගැනීමට මෙම කෙටි සටහන් පරිශීලනය කරන සැමට දායක විය හැකිය. එවන් අඩුපාඩුවක් දුටුවහොත් ඒ බව අපට දැනුම්දීමට තරම් කාරුණික වන්න.

මීට අමතරව කෙටි සටහන් මාලාව පිළිබඳව වෙනත් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට හැකිනම් නිසැකයෙන්ම එය මහත් අත්වැලක් වනු ඇත. චෝදනා හා විවේචන පිළිබඳව ද එසේම දත යුතුය. ඉහත කුමන හෝ හේතුවක් මත අපව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් myschool.lk වෙබ් අඩවියේ "අපට දන්වන්න" පිටුව භාවිතා කළ හැක.

විෂයට අදාල වෙනත් ලිපි

6-වසර - බෞද්ධ_දහම්_පාසල
01 සිට 05  දක්වා ප්‍රශ්නවල නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න බෞද්ධාගමික ජිවිතයක් ගත කරන අයෙකු තුල තිබිය යුතු වැදගත්ම ලක්ෂණය මින් කුමක්ද? (I) ධනවත්කම                         (ii) සිල්වත්කම ...
6-වසර දහම් පාසල (බෞද්ධ)

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(ව්‍යවසායකත්ව අධ්‍යයනය)
ව්යවසායක අවස්ථා වර්ථමාන සමාජ ආර්ථික සන්දර්භය තුල දියුණු වීමේ විභවය සහිත ව්යවසායක අවස්ථා ආකාර කිහිපයකින් හදුනා ගැගැනීමට හැකිය. මේවා පහත පරිදි ප්රධාන ආකාර 5ක් වෙයි. ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
සන්නිවේදනයේ වැදගත්කම ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
ගොඩනැගිලි සඳහා භාවිතා වන අත්තිවාරම් ගොඩනැගිල්ලක පොළොවට සම්බන්ධ වන ගොඩනැඟිල්ලෙහි උඩ ව්යුහයේ භාරය පොළොවට ගෙන යන කොටස අත්තිවාරම ලෙස හැඳින්වේ. ගොඩනැගිල්ලක අත්තිවාරම සාමාන්ය වශයෙන් පොළව මට්ටමින් ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
වහලය වහලය මගින් ගොඩනැගිල්ලට ලැබෙන ප්රයෝජන 1.ගොඩනැගිල්ලේ ආරක්ෂාවට වහලයේ මගින් ගොඩනැගිල්ල ස්වභාවික බලපෑම් වලින් සොරසතුරන්ගෙන් සහ වෙනත් බාහිර ...
12-වසර
(ඉතිහාසය)
සද්ධාතිස්ස රජුගේ පුත්රයෙකු වූ වළගම්බා රජු මෙරට දේශපාලන බොහෝ අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගත් නරපතියෙකු සේ සැලකිය හැකිය. *සොයුරු කල්යානයන්ගේ සෙනෙවි මහරත්තක රජකම පැහැර ගැනීම *රුහුණේ තීය ...
11-වසර
(ඉතිහාසය)
1. ලෝවැඩ සඟරාව කෝට්ටේ යුගයේ දී ප්රථම වරට ඇතිවූ උපදේශ සාහිත්යයට එක් වූ ප්රථම සිංහල කාව්ය ග්රන්ථය හැටියට සලකන්නේ ලෝවැඩ සඟරාවයි. මිනිසුන්ගේ දෙලොව දියුණුව සඳහා අවශ්ය ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු නාගරික ලක්ෂණයන්ට සමාන්තරව, දියුණු ආර්ථික තත්වයක්ද පැවත ඇත. ආර්ථිකයෙහි ප්රධාන ලක්ෂණ 4කි. 01. කෘෂිකර්මය 02.සත්ත්ව පාලනය ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
ඔබ ගෙන යන පණිවිඩ නිසි ලෙස සන්නිවේදනය නොවන බව ඔබට කවදා හෝ දැනී තිබේද? නැතහොත් පණිවිඩය සම්ප්රේෂණය කිරීමට අවශ්ය පරිදි එය නොපැවැත්වීම පිළිබඳව ඔබට ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පැවති ආගමික විශ්වාස පිළිබඳව හමුවී ඇති නෂ්ටාවශේෂ තුලින් තොරතුරු රැසක් හදුනාගත හැකිය. තත්කාලීන හා පසුකාලීන හින්දු සභයත්වයේ පැවති ආගමික මතවාද හා ඉන්දු නිම්නයේ ...
සාමාන්‍යපෙළ
(සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය)
සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? හොඳ ආහාර වේලක් අපගේ සෞඛ්යයට වැදගත් වේ. නමුත් හොඳ ආහාර වේලක් යනු කුමක්ද? ළදරුවන් සඳහා ආහාරයක් ලෙස මව්කිරි දීම හැරුණු ...