කුළු කවි - 7-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය

කුළු කවි

ජන කවිය

සාහිත්‍යය නම් පාඨක සිත් සතන් තුළ රසවත් හැගීම් ඇතිවන පරිද්දෙන් නිර්මාණය කරන ලද ගද්‍ය හා පද්‍ය කෘතියයි. සාහිත්‍ය කරුවගෙ අරමුණ රස නිෂ්පත්තිය යි. ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ඇසුරෙන් පාඨකයා චමත්කාරයට පත් කිරීමට ඔහු තම සාහිත්‍ය නිර්මාණය මඟින් බලාපොරොත්තු වේ. කිසියම් සාහිත්‍ය නිර්මාණයක් උසස් ලෙස සැළකෙන්නේ පාඨකයා ඉන් ලබන වින්දනයේ අපූර්වත්වය නිසා ය. මිනිසා ට සිය විවේකය විනෝදයෙන් ගත කිරීමටත්, වෙහෙස නිවා ගැනීමටත්, සිත සන්සුන් කර ගැනීමටත්, දුක් කම්කටොලු අමතක කර ගැනීමටත් සාහිත්‍යයෙන් ලැබෙන සේවය ඉමහත් ය.

එක එක අය විවිධ ආකාරයට කතා කරනවා. එනම් මේ බස්වහර ය. මේ කරන කතාවට සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ එක් පැත්තක් තමයි ජන කවිය. මෙමඟින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය ද පෝෂණය ලබනවා පමණක් නොවෙයි එය අන්‍ය ජාතීන් අතර ද ඉමහත් ගෞරවයට පාත්‍ර වී අනන්‍යතා ගොඩනඟා ගැනීමට උත්සුක ද වනු ඇත.  ජන විඥානය කරනකොට ගෙන උපත ලබන ජන කවි තුළින් ජනයාගේ බස්වහර පිළිබඳ ව තේරුම් ගැනීමට අවශ්‍ය උපකාරක ද සපයනු ලබනවා.

උගතුන් විසින් නිර්මාණය කරන ප්‍රබුද්ධ කවියට වඩා පරිසරය මත ගැටෙන දුගී ජනතාවගෙන් නිර්මාණය වන ඇතැම් කාව්‍ය වියත් වන්නේ කඳුළ, සිනහව, වේදනාව, සුන්දර ආකෘතිය අමරණීය කොට කවියට ගැබි කිරීම නිසා යැයි මම සිතමි. නිර්මලව, අව්‍යාජයෙන්, රසවත්ව ගලා එන හැඟීම් ගුවනට මුසුවන්නේ සාමූහිකත්වය ද පූර්ණ කොට ගෙන ය. තව ද  වෘත්තිය ජීවිතය ද ජන කවියට පාදක කොට ගනී.

ආදිතම සිංහලයන් සීගිරියේ කුරුටු ගී ලියන්නට ඇත්තේ ගැමි වහර මනා කොට දැන ගෙන යැයි සිතෙන්නේ එකී කවියේ ඇති විදග්ධ බව නිසාවෙනි. සීගිරියෙ ද ඇත්තේ ජන කවියයි. ජන කවිය විවිධ තැන්වල එක එක ස්වරූප වලින් සිටිනවා. ඒ විතරක් ඇයි ජන කවියේ ශබ්ද මාදුර්‍යද එම අවස්ථාවට උචිත බවක් ද පෙන්නුම් කරනවා. දුෂ්කර කාර්යයක් වුවත් පහසු වෙන්නේ ඒක නිසානේ.

“හදවත කියනවා කවියට පණ      දෙන්න

දිව මගෙ කියනවා මුමුණා ගෙන  ඉන්න

මම දැන් කියනවා කවුරුත් අහ    ගන්න

ගෙවිලිය ඉඹිනවා මගෙ හඳ   මෝරන්න”

කවිය ආ මඟ හරි සුන්දරයි. මම කවදත් ජන කවියට ආදරෙයි. ඒ මගේ මුතුන් මිත්තන්ගේ හඬයි. ජන කවිය සමඟ ජීවත් වන විට මට හැගෙන්නේ “මම ඔවුන් සමඟ ජීවත් වෙනවා” යන්නයි. තනිව යන ගමන ශක්තිමත් ව ඉදිරියට යන බව මට හැගෙන්නේත් ඒ නිසා වෙන්න ඇති.

 

 

කුළු කවි 

අහසේ දෙවියේ රැස්ව          සිටින්නයි 

පොළොවේ දෙවියන් බිම    රැස්වන්නයි 

සිතර වරම් දෙවි බලා          සිටින්නයි 

අද කුළු නැටුමෙන් අප       දිනවන්නයි 

 

වරුණ ඉතා රණ ගිරවියෝ       සේමයි

බරණ ගොතා කර මියුරන්        සේමයි

කරන කතා බහ කිඳුරියො        සේමයි

ගමන ලතා හස දේදුණු           සේමයි

 

දෑතේ වීරිය  නුඔටයි       නෑනෝ

ඒකෙන් වන ඵල රටටයි   නෑනෝ

කවට කතා බස් තෙපලන  නෑනෝ

නුඔ සනසන්නට එන්න ද  නෑනෝ

 

බැතෙන් ගත්ත බොල් පුරවා කමතට    යන්නේ ‍

අතින් කිත්ත නඳ පතුරා බොල් ටික  බේරන්නේ

සිතින් කින්න සිය පියයුරු නලවා පොලමින්නේ

ඉතින් ඔන්න කුළු හරඹය නගොයි නටා පන්නේ

 

කුල්ලේ වී ඇට බිමට    සලන්නේ

බොල් වී ටික සුළඟටමය  යන්නේ

වාරු ඇතිව ඇඟ පුබුදු    කරන්නේ

සතර වරම් දෙවි පිහිට   ලබන්නේ

 

දහදිය මුතුපට නළල         දිලෙන්නේ

වාරු ඇතිව ඇඟ පුබුදු         කරන්නේ

සතර දෙනයි දැන් කුල්ලෙ  පොලන්නේ

දෙවි පිහිටෙන් රට දැය සරු    වන්නේ

 

පෙමා වඩන රූසිරු ලඳ ලියෝ රැස්ව   ඉන්නේ

දමා තැල්ල කරවට නෙරි සේලය    අදිමින්නේ

පෙමා වඩා ගත්තු කුල්ල කරලිය    තබමින්නේ

අමා වියරු වදන් කියා බැත ගොඩ වට ඉන්නේ

 

පෑ දියේ රන් රූ ලෙසේ  අත් ලෙල දිදී විදුලිය        ලෙසේ

සේ දිසේ පිරි සඳ ලෙසේ උවනින් දසන් පෑ මඳ         හසේ

පද මෙසේ රඟ නොකමසේ දිගු නුවණඟින් බැල්මෙන් ලසේ

මෙලෙසේ නළඟන රැසේ දුටු නව සරන්දම් කොයි    ලෙසේ