හින්දු ආගම
හින්දු ආගම පෞරාණික ආගමකි. ලොව පැවත එන ආගම් අතුරින් මෙය ඉපැරණි ම ආගමක් වේ.
හින්දු ආගම යන නාමය එසේ එනමින් හැඳින්වූව ද, එහි ආගමික ග්රන්ථ කිසිවක එම නාමය සඳහන් වන්නේ නැත. ඉතා පැරණි කාලයේ සින්දු ගංගා මිටියාවතෙහි ජීවත් වූ ජනතාවට, පර්සියානුවරු හින්දුවරුන් යැයි ඇමතූහ. කල් ගතවන විට ඉන්දීය ජනතාවගේ ආගම හින්දු ආගම යැයි භාවිත විය. සැබැවින් ම හින්දු ආගමෙහි නිවැරදි නම "සනාතන ධර්මය" නම් වේ. ඕනෑ ම කාලයකට, ඕනෑ ම අවස්ථාවකට උචිත ලෙස කටයුතු කරන ධර්මය යන්න මෙහි අදහස වේ.
හින්දු ආගමේ විවිධ ආගමික කොටස් දක්නට ලැබේ. එම කොටස් අතර,
ආගම් යනු සෘෂිවරුන්ට හා නැණවතුන්ට දෙවියන් විසින් කාලයෙන් කාලයට පහළ කරනු ලැබූ ආගමික ග්රන්ථයන් ය.
හින්දු ආගමික කොටස් අතර දෙමළ ජනතාව අතර ස්ථාවර ලෙස පැවත එන ප්‍රධාන කොටස් සයිවම් හා වයිනවම් නම් වේ. සයිවවරු තම ප්‍රථම දෙවියා ශිව දෙවියන් ලෙස පිළිගනිති. වයිනවවරු තම ප්‍රථම දෙවියා විෂ්ණු යැයි පිළිගනිති. මෙම දෙපිරිස තමන් සඳහා වෙනස් වූ වතාවත් ද සිරිත් ද ක්‍රියාත්මක කරති.
ශිව වතාවත් පුරාතන නගරයක් වූ මොහෙන්දජාරෝ, හරප්පා හි පැවති බව සමීක්ෂකයෝ පවසති. වර්තමානයේ ද හිමාලය සිට ශ්‍රී ලංකාව දක්වා සමහර ස්ථානවල ශිව වතාවත් සිදු වේ. ශ්‍රී ලංකාවේ ද ඈත අතීතයේ සිට ම හින්දු ආගම පැවත එන්නේ ය. සංස්කෘතික කාලයට පෙර පාලනය කළ රාවණා සයිවවරයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ බොහෝ හින්දුවරු සයිවවරු වෙති.
සයිව ආගමිකයන්ට වේදයන් සමග ධර්ම ශාස්ත්‍ර ග්රන්ථයන් ද ඇත. මෙමගින් ආගමික දර්ශනයන් ද, කෝවිල් ඉදිකරන ආකාරයන් ද, දෙවියන් අදහන ආකාරයන් ද පෙන්නුම් කර ඇත.
සයිවවරුන් හට පෙර පැවසූ පරිදි ම එක දෙවියෙක් පමණක් සිටියි. ඔවුහු දෙවියන් "ශිව දෙවියන්" ලෙස අමතති. (ශිව යන්නෙන් යහපත කරන්නා යන අදහස ගෙන දෙයි) දෙවියන් ඒකයකු වූව ද එම දෙවියන් විවිධ කටයුතු කරන විට ඔවුහු විවිධ නම්වලින් දෙවියන් අමතති.
සයිව ශුද්ධ කෝවිල් හා එහි ඇති ප්‍රතිමා ආදිය දාර්ශනික අදහස් පැහැදිලි කරන සංකේත වේ.
සයිව කෝවිල්වල දිනකට හය වරක් ආගමික වතාවන් සිදු වේ. සයිව ජනතාව දිනපතා කෝවිල තුළ නැමදීම් කටයුතු සිදු කළ යුතු ය. එලෙස කිරීමට නොහැකි වූ අය විශේෂ දිනවල දී හෝ කෝවිලට යා යුතු ය. විශේෂ දින අතර සිකුරාදා දිනය ද එකකි.
සයිව ජනතාව තම දෙවියන් භක්ති මාර්ගය මගින් පිළිපදිති. දෙවියන් වෙත දැඩි ස්නේහයකින් පිළිපැදීම භක්ති මාර්ගය වේ. මෙලෙස පිළිපදින විට එක් එක් අය තමන් හට ගැළපෙන ආකාරයෙන් දෙවියන් හා සම්බන්ධතා පවත්වති. සමහරු දෙවියන් ප්‍රධානියා ලෙස සලකා නැමදුම් කරති. තවත් සමහරු දෙවියන් පියාණන් ලෙස සලකා නැමදුම් කරති. තවත් සමහරු දෙවියන් සමග හිතවතකු හා සමානව ඇසුරු කරති. කුමන ආකාරයකින් දෙවියන් වන්දනය කළ ද, අවසානයේ සියලූ දෙනා ගමන් කරන ශ්‍රේෂ්ඨතම වස්තුව එක ම වේ.
සයිව ජනතාව විවිධාකාර වූ උපවාස රකිති. උපවාස දිනවල සිත එක්තැන් කර දෙවියන්ට යාඤා කරති. උපවාසය දැඩිව රකින්නෝ දිවා, රෑ ආහාර අනුභව නොකර සිට පසු දින ආහාර අනුභව කරති.
සයිව ජනතාව ඇතුළු හින්දු ජනතාවගේ දෛනික ජීවිතය ද සමූහ ජීවිතය ද පාලනය කරන්නේ "සම්රුදි" යන ධර්ම ශාස්ත්‍රය ය. සයිව ආගමික ජීවිතය ගත කළ සෘෂිවරුන් විසින් එය ස්ථාපිත කරන ලද හෙයින් හින්දුවරුන් විසින් මෙය නොවරදවා පිළිපදිනු ඇතයි අපේක්ෂා කරනු ලැබේ. එහෙත් මෙය ආගමික දර්ශනයක් සේ සෑම කාලයකට ම උචිත වන්නක් නොවේ. මෙය කාලය හා පරිසරය මගින් වෙනස්කම්වලට භාජනය වේ.
දමිළ සයිව ජනතාවගේ සමාජයේ ද, කාලයෙන් කාලයට ඥානවන්තයින් බිහි වී, තම ජීවිතය මගින් ආගම ද, ආගමික බැ`දීම ද, ජනතාව තුළ වර්ධනය කර ඇත. මොවුන් අතර අප්පා, සම්බන්දර්, ශුන්දරර්, මාණික්කවාසහර් යන සිව් වග ආගමික නිර්මාතෘවරුන් ලෙස සලකා ඔවුන් පෙන්වූ මග පිළිපැදීමට උත්සාහ දරති.
ක්‍රිස්තියානි ආගම
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අනුගමනය කරන්නෝ ක්රිස්තියානිවරුන් යැයි හඳුන්වනු ලබති. ක්රිස්තුවරුන්ගේ ශුද්ධ ග්‍රන්ථය බයිබලය වේ. දේව පුත් වූ ජේසුස් වහන්සේ මිනිස් රූපයෙන් පාපතර වූ ලෝකයට පහළ වූ බව ද, කන්‍යාවක වූ මරිය තුමියට පරිශුද්ධ වූ ආත්මයකින් පිළිසිඳ ගැනීම සිදු කළ බව ද පවසනු ලැබේ. පසු කාලයේ දැඩි ලෙස වෙහෙස වී ලෝ වැසියන් මුදා ගැනීම වෙනුවෙන් කැප වී කුරුසි පත්ව තුන්වන දිනයේ උත්තාන වූ බව ක්‍රිස්තියානි භක්තිකයන්ගේ විශ්වාසය වේ. එය ක්‍රිස්තු භක්තිකයෝ දැඩි ලෙස විශ්වාස කරති.
ජේසු තුමා බෙත්ලෙහෙම් නම් කුඩා ගම්මානයේ ඉතා දුගී පැලක, යුදෙව් කුලයේ උපත ලැබී ය. කන්‍යාවක වූ මරිය තුමිය මෙතුමාගේ මව වූවා ය. මරියා තුමිය හට විවාහ යෝජනා කර සිටි වෘත්තියෙන් වඩුවකු වූ ශුද්ධ වූ ජෝසප් තුමා (ජුසේ මුනින්දා) ජේසු තුමාගේ උපතේ සිට ම එතුමාගේ හදාවඩා ගත් පියා විය.
"නසරේත්" නම් ගමෙහි ජේසු තුමා තම තරුණ කාලය ගත කළ බැවින් මෙතුමා නසරේත්හි ජේසු යැයි හඳුන්වනු ලැබිණි. අනාගත වක්තෘ යෙසායා තුමා පැවසූ පරිදි අනාගතයේ බිහි වීමට නියමිතව සිටි තැනැත්තා අපේක්ෂාවෙන් බලා සිටි ගැලවුම්කරු, අවසාන වශයෙන් පැමිණ සිටින බව ජනතාවට දැනුම් දෙනු ලැබී ය.
ජේසු තුමාගේ වචන හා ක්‍රියාවලින් සපිරි ශුද්ධ වූ සේවය වූයේ දෙවියන් විශ්වාස කර, අසල්වාසීන්ට ප්‍රේම කර, සමාව දී ජීවත් විය යුතු ය, යන්න පැහැදිලි ය. එතුමා දුගීන්, අසරණයින්, වහලූන් ආදීන්ට උදවු කළේ ය; සමාජය පිළිකුල් කරන අයට එතුමා පක්ෂපාතීව සිටියේ ය; පාපිෂ්ටයින්ට මහත් අනුකම්පාවක් දැක්වූයේ ය; රෝගීන් සුවපත් කළේ ය. අන්ධයින්ට පෙනුම ලබා දුන්නේ ය; ගොළුවන් හට කථනය ලබා දුන්නේ ය; මළවුන්ට ප්‍රාණය ලබා දුන්නේ ය; මුහුදේ හටගත් කුණාටු පාලනය කළේ ය; එතුමාණෝ දේව පුත්‍ර භාවය ලබා සිටි බැවින් දේව ආත්මානුභාවයෙන් කටයුතු කරමින් ආශ්චර්යවත් ලෙස ක්‍රියා කළ සේක.
ජේසු තුමා තමාගේ සහායට ගෝලයන් දොළොස් දෙනකු තෝරා ගත්තේ ය. ඔවුන්ට මෙලෙස දේශනා කළේ ය.
"මා ඔබට ප්‍රේම කරන්නා සේ ම ඔබ ද අන් අයට ප්‍රේම කරන්න."
එතුමාණෝ ගමින් ගමට ගොස් තමා පිළිගත් මහත් ජන සමූහයාට උපමා කතන්දර මගින් ද තම ජීවිත ආදර්ශය මගින් ද, සුභාරංචිය ඒත්තු ගැන්වූ සේක.
"ඔබගේ දෙවියාට හදවතින් ම ප්‍රේම කරන්න. ඔබට දෙවියන් ප්‍රේම කරන්නා සේ ම ඔබ අසල්වාසීන්ට ප්‍රේම කරන්න."
එතුමාගේ උපදේශන, සියල්ලන් හට පහසු ලෙස පැවතු‚. ආත්මාර්ථකාමී ජීවන රටාව වෙනස් කොට නව ජීවන ක්‍රමයකට නිරහංකාර වූ, දයාලූ වූ හදවතින් යුක්තව සිටින්න; මාගේ මගෙහි ගමන් කරන්නන් හට සියලූ යහපතක් ම සිදු වේ, යැයි පවසමින් විශේෂයෙන් තමන් හට සවන් යොමු කිරීම ප්‍රතික්ෂේප කළ ආඩම්බරකාරීන්ට ද, කුහකයන්ට ද, ඒ බව ඒත්තු ගැන්වූයේ ය.
සැබවින් ම උන්වහන්සේට ස්නේහ නොකළ පිරිසක් ද සිටියහ. සමහර දේවස්ථානවල පූජකයින් ද, අධිකාරීන් ද එතුමාට ස්නේහ නොකළහ. එබැවින් ඔහුට විරුද්ධව නැගී සිටි ජනයා එතුමාට දෝෂාරෝපණය කොට එතුමාට දඬුවම් නියම කිරීම සඳහා එවකට රෝමය පාලනය කළ "පෝත්තියූස් පිලාත් හට" භාර කළහ. ඔහු විසින් එතුමාට මරණ දඬුවම නියම කරන ලදී.
ජේසු තුමාට කසපහර දෙන ලදී. උසුළු විසුළු කරන ලදී. කටු කිරුළක් පලඳවන ලදී. කුරුසිය ඔසවාගෙන යාමට දී ජෙරුසලමට පිටතින් වූ කල්වරි කන්දෙහි දී කුරුසියේ ඇණ ගසන ලදී. රෝමවරුන්ගේ දඬුවම් ක්‍රම අතර මෙය ද එක් ක්රමයකි.
ජේසුස් වහන්සේ සිකුරාදා දිනයක මරුමුවට පත් වූ බැවින් ක්‍රිස්තියානි භක්තිකයෝ වසරක් පාසා එම සිදුවීම සිහිකර වතාවන් කරති. එම ශෝක දිනය මහ සිකුරාදා යැයි හඳුන්වනු ලබති. එසේ ම එතුමා ඉරිදා දිනයක උදෑසන නැවත උත්ථාන වූ බැවින් මෙය "පාස්කු ඉරිදා" යැයි ක්‍රිස්තු භක්තිකයෝ සමරති. එදින සිට ඔවුහු සෑම ඉරිදා දිනයක ම දේව නමස්කාරයේ යෙදෙති.
ජේසු තුමා මෙම ලෝකය තුළ උපත ලද දිනය නත්තල් දිනය ලෙස ක්‍රිස්තු භක්තිකයෝ සමරති.
ක්‍රිස්තියානි අය අතර විවිධ කණ්ඩායම් දක්නට ලැබේ. කතෝලික යනු ඔවුන්ගේ ප්‍රධාන කණ්ඩායමකි.