ගුරුතුමිය : අද අපේ පළමුවන පාඩම "පුරාණ ගිවිසුමේ පොත් වර්ගීකරණය" පිළිබඳ ව ඉගෙන ගන්න එකයි.
නොයෙල් : ඔව් ටීචර්, පොත් 46ක් තියෙනවා.
ගුරුතුමිය : බොහොම හොඳයි, නොයෙල්. මේ පොත් 46 කාණ්ඩවලට බෙදන්න පුළුවන්. ඒ නිසා අපට ඉගෙන ගන්නත් පහසුයි. පුතේ, කාට ද පුළුවන් ගීතාවලිය 119 ගීතිකාව පෙරළලා 105 වන වගන්තිය කියවන්න.
දනුක : "ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය. මාගේ මාවතට එළියක් ය."
ගුරුතුමිය : බොහොම හොඳයි. තවත් කවුරු හරි ගණන් කතාව 6 පරිච්ඡේදයේ 24-26 වගන්ති කියවන්න.
ෂෙහාන් : "සමිඳාණෝ ඔබට ආශීර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක්වා! සමිඳාණෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක්වා! සමිඳාණෝ සිය නෙත් ඔබ කෙරෙහි යොමා ඔබට සමාදානය දෙන සේක්වා!"
ගුරුතුමිය : පුතේ මේ විදිහට ශුද්ධ බයිබලයේ පොත් ඉක්මනින් පෙරළා ගැනීමට අපිට හැකියාව තියෙන්න ඕන. දේව වචනය කියවා තේරුම් ගන්න ඕනේ. අපි දැන් තව දුරටත් ශුද්ධ බයිබලයෙහි පුරාණ ගිවිසුමෙහි පොත් හඳුනා ගනිමු. මේ පොත්වල අඩංගු දේව වචනයේ වටිනාකම තේරුම් ගනිමු.
ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ ඇති පොත් ගණන 46කි. මෙම පොත් 46 කොටස් 5කට බෙදා වෙන් කළ හැකි ය. ඒවා නම්,
පුරාණ ගිවිසුමේ පළමු වන පොත් පහ පංච පුස්තකය යනුවෙන් හැඳින්වේ.
දෙවන පොත් කාණ්ඩය ඉතිහාස පොත් ය. ඉතිහාස පොත් 16කි.
තුන්වන කාණ්ඩය ප්‍රඥා සාහිත්‍යයයි. එයට අයත් පොත් ගණන 7කි.
හතරවන කාණ්ඩය දිවැසිවර ග්රන්ථ වේ. පොත් ගණන 17කි.
පස්වන පොත් කාණ්ඩය එළිදරව් සාහිත්‍යය වේ. එයට අයත් පොත් ගණන එකකි.