දිව්‍ය වෛද්‍යවරයාණෝ ජේසුස් වහන්සේ බැවින් සුව කිරීමේ පමණක් නොව පව් කමා කිරීමේ බලය ද උන්වහන්සේ සතු ය. එම සුව කිරීමේ බලය අපෝස්තුලූවරුන්ට ද දානය කළ සේක: "රෝගීන් සුව කරන්න" (මතෙව් 10:8) එම බලය පසු කාලයේ දී අපෝස්තුලූවරුන් දියත් කළ ආකාර පහත පාඨය පෙන්වා දෙයි.
අපෝස්තුලූවරුන්ගේ ඉගැන්වීම් අනුව රෝගීන් ආලේප කරනු ලබන්නේ පූජාප්‍රසාදීන් වහන්සේලා විසිනි.
රෝගීන්ගේ ආලේපය පිළිබඳ ව මහෝපදේශයේ මෙසේ සඳහන් වේ.
රෝගීන්ගේ ආලේපය නම් දේව ප්‍රසාද නිධානය ලැබිය හැකි අය;
රෝගීන්ගේ ආලේපය නැවත නැවත ලබා ගත හැකි දේව ප්‍රසාද නිධානයකි.
රෝගීන්ගේ ආලේපය මගින් ලැඛෙන වරප්‍රසාද
රෝගීන් ආලේප කිරීමේ ප්‍රසාද නිධානයේ ප්‍රතිඵල ලෙස ලැඛෙන විශේෂ වරප්‍රසාද කතෝලික සභා ධර්මෝපදේශයේ 1532හි මෙලෙස සඳහන් වේ.
මෙම වරප්‍රසාද රෝගියාට හිමි කර දීමට රෝගීන්ගේ ආලේපය ලබා දිය යුතු ය. ඒ සඳහා අප පූජාප්‍රසාදින් වහන්සේ කැඳවා ගත යුතු වේ. පූජාප්‍රසාදින් වහන්සේ පැමිණීමට පෙර ස්ථානය සහ පුද්ගලයා සූදානම් කිරීම අප සතු යුතුකමකි.
ස්ථානය සහ පුද්ගලයා සූදානම් කිරීමට කළ යුතු දේ
රෝගීන්ගේ ආලේපය රෝගීන් සඳහා මිස මරණාසන්න වූවන් සඳහා පමණක් නොවන බව වටහා දී රෝගියා ශාරීරික ව මෙන් ම මානසික ව ද සූදානම් කළ යුතු ය. මෙම ආලේපය පිළිබඳ ව රෝගියා තුළ චකිතයක් හටගත හැකි නිසා ඒ බිය පහ කළ යුතු ය.
රෝගීන්ගේ ආලේපය දානය කිරීමට ලෙඩෙකු
අසාධ්‍ය වන තුරු බලා සිටීම යෝග්‍ය නොවේ.
වෙහෙස නොබලා රෝගීන්ට ඇප උපස්ථාන කළ යුතු වෙමු. රෝගීන් ආලේප කිරීම මගින් වරප්‍රසාද ලැබෙන බව අපි දනිමු. ඒ නිසා අපි ඔවුන් එයට යොමු කරමු. දේව දරුවන් වන අපි අන් අයට මරණ මොහොතට පෙර ඒ සබැඳියාව ඇති ව අවසන් ගමන් යාමට උදව් කරමු. රෝගීන්ගේ ආලේපය සඳහා යොමු කළ යුතු අය හඳුනා ගෙන මීසම් සේවක පූජාප්‍රසාදින් වහන්සේට ඔවුන් පිළිබඳ ව දැනුවත් කරමු.