මැටි කර්මාන්තය

මැටි කර්මාන්තය

                                                                  

මිනිසා නිරත වුනු කර්මාන්ත අතර මැටි කර්මාන්ත හෙවත් කුබල් කර්මාන්තයට හිමි වන්නේ ප්‍රදාන ස්ථානයකි. ගල් යුගයේ දඩයම් දිවියෙන් ගෘහස්ථ ගොවි ජීවිතයට සංක්‍රමආදී ණය  වීමත් සමග මැටි කර්මාන්තයට අවශ්‍ය පදනම නිර්මාණය විණි. මේ සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබා ගැනීම ගංගා නිම්න ආශ්‍රිත ව දිවි ගෙවූ එකී ජනයාට ඉතා පහසු විය. ඓතිහාසික තොරතුරු පුරාවිද්‍යාත්මක ව සොයා යාමේ දී වලං කැබලි , මැටි පුවරු වෙතින් ලැබෙන පිටි බලය ඉමහති. රේඩියෝ කාබන් දින නිර්මාණය අනුව දැනට ශ්‍රී ලංකාවේ හමු වී ඇති පැරණිතම මැටි බදුන් අවශේෂ ලැබී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වරකාපොල දොරවක කන්ද ගල් ලෙනෙනි. ඒවා ක්‍රි.පු 530 ට අයත් යැයි නිර්ණය කර ඇත. මැටි කර්මාන්තය සම්බන්ද සිරිත් විරිත් පිළිබද හැදෑරීමේ දී  මහාවංශය, තුපවංශය, පුජාවලිය ආදී ලිකිත ග්‍රන්ථ හා ජනප්‍රවාද උපකාරී වේ. මැටි කාර්මිකයා "කුම්බකර" යනුවන්ද හදුන්වනු ලැබිණි. "කුම්බය" යනු කලගෙඩිය යි. "කර" යනු කරවන්නා ය.

                                                                                                                   එක් ජනප්‍රවාදයක එන පරිදි බදුනක නිර්මාණයේ ඇරබුම අලියෙකු මැටි පොළොවක තැබූ පාද සටහනකින් සිදු වී ඇත. මැටි පොළොවක තැබූ අලියෙකුගේ පා සටගනක් දුටු මිනිසෙකු එය සියුම් ලෙස පොලොවන් වෙන් කරගත්තාය යයි එකී ප්‍රවාදයේ එයි. අමු මැටි ගින්නෙන් පිලිස්සීමෙන් ඉතා තද බවට පත් වන නිසා වැඩි කලක් පාවීවිචි කල හැකිය. මේ බදුන් සහ වෙනත් නිර්මාණ විවිඩ අත්හදා බැලීම්වලට බාජනය වන්නේ ඉන් පසුව ය . විවිඩ හැඩ සහ ප්‍රමාණයන් උපයෝගී කර ගනිමින් මැටි බදුන් නිර්මාණයෙහි ලා මානවය විසින් කරවන ලද අත්හදා බැලීම් විස්මය දනවන සුළුය . මෙහිදී ඔහුගේ බුද්දිය මෙන් ම කලා කුසලතවය හා චින්තන ශක්තිය ද ප්‍රබෝදවත් විය. ඉතා සියුම් නිර්මාණයක් වන "මැටි කොව" නම් උපකරනය රන් කර්මාන්තයේ ද රන් උණු කිරීම සදහා යොදා ගැනීම එයට සදකයකි. ගගෙන් මැටි හරා ගැනීමට ගිය කුබල් කාර්මිකය ගගට බැසීමට පෙර දිය දෝතක් ගෙන සිප ගත්තේ ය . මැටි හැර ගොඩට ගෙනවිත් ගොඩ ගසා එය අවරණය කර තැබුවේ මල් සහිත කොළ අතු වලිනි. එමගින් අනවශ්‍ය ලෙස මැටි වියලී යාම වැලකුණු අතර මල් පිදීම් වැනි ගෞරවන්විත් හැගිමක් ද ඒ හරහා ඇති විය. පාළුව, කාන්සිය, මහන්සිය මගහරවා ගැනීමට කුබල් කරුවන් ද ජන ගී ගායනා කළේ ය. මාතර කුබල් ගම ප්‍රදේශයෙන් හමු වූ ජන ගීයකි මේ,

                   මැටි ගොඩ අනා සකපොරුවේ                        තියන්නේ

                   අතකින් කරකවා ගෙන ඉදි                            කරන්නේ

                   කාලයෙන් දර සොයාගෙන ගිනි                       පිබින්නේ

                   කවුද මහතුනේ මගේ දුක                              දකින්නේ

මැටි කාර්මිකයාගේ විවිහයෙ දී මැටියෙන් තැනු වේදිකාවක් නිර්මාණය කෙරිණි. වර්තමානයේ බවිතා වන "මගුල් පෝරුව" මෙනි. නිවසේ මැද අඩියක් පමණ උසට පෝරුව තනා වේලෙන්නට හැරේ. ඒ මත සුදු මල් ද දන්‍යා වර්ග ද අතුරා මනාල යුවල ඒ මත නංවනු ලැබෙති. මැටියෙන් තැනූ ඇට මාලයක්  මනාලයා මනාලියගේ කර පලදාව යි. මනාලියගේ දෙමාපියන් විසින් මනාලයාට දෙන දායද අතර ප්‍රදාන වන්නේ "සකපොරුව" යි. අලුතෙන් දරුවෙකු ඉපිද ටික දවසකින් ඉර පායාගෙන එත් ම තම ඇගිල්ලට මැටි සුවල්පයක් ගෙන දරුවාගේ නළලට තිලකයක් තැබීම ද දරුවා සකපොරුවේ තබා හෙමිහිට වටයක් කරකවා දරුවාගේ කටේ මී පැණි සුවල්පයක් ගෑම ද කුබල් කර්මාන්තයේ යෙදෙන ජනයාගේ සිරිතකි. මැටි කාර්මිකයා සොබාදහම සමග ඉතා සමීපව දිවිගෙවි ය.                                                                       


කතෘ : kelum priyadarshana
ලිපිය : සාමාන්‍ය ලිපි
කියවූ ගණන : 22,309
කැමති ගණන : 5