Programming මුල ඉඳන්ම පටන් ගමු


අපි ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑම් කරද්දි ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයා එකේ මූලික දේවල් ටිකක් දැනගෙන තියෙන්න ඕනෙ . මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොනවද අපි දැනගෙන තියෙන්න ඕනෙ දේවල් කියල.

ඒකට මම උදාහරණයක් විදියට පාවිච්චි කරනව එල්ඊඩී  එකක් බ්ලින්ක් කරන එක . ඒ කියන්නෙ එල්ඊඩී එකක් පත්තු වෙනව නිවෙනව පත්තු වෙනව නිවෙනව . ඕක එක දිගට සිද්ද වෙනව .

 

මන් මේ වැඩේට පාවිච්චි කරනව ආර්ඩුයිනෝ බෝඩ් එකයි බ්‍රෙඩ් බෝඩ් එකයි එල් ඊඩ් එකයි. බ්‍රෙඩ් බෝඩ් එකක් කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්.

 

මේ බ්‍රෙඩ් බෝඩ් එකේ විශේශත්වයක් තියනව. මේකෙ ඇතුලෙන් කනෙක්ශන් තියනව. අපි මේ බ්‍රෙඩ් බෝඩ් එක පාවිච්චි කරනව අපිට පාස්සන්නෙ නැතුව මොකක් හරි අපිට කරගන්න ඕනෙ උනොත්. ඒ කියන්නෙ අපි ටෙස්ටින් වගේ කරනකොට අපිට හැම තිස්සෙම පාස්සල ආයෙ ගලෝ ගලෝ ඉන්න බැහැනෙ . ඒක නිසා අපි බ්‍රෙඩ් බෝඩ් එකක්  පාවිච්චි කරල අවශ්‍ය දේ කරගන්නව . මේ බ්‍රෙඩ් බෝඩ් එකේ කනෙක්ශන් තියනව. මම බ්‍රෙඩ් බෝඩ් එකේ කනෙක්ශන් තියන විදිය පල්ලෙහායින් දාන්නම්.

 

හරි දැන් අපි බලමු මේ එල් ඊඩී එක කොහොමද බ්‍රෙඩ් බෝඩ් එකට සෙට් කර ගන්නෙ කියල . අර මන් පෙන්නපු රූපෙත් ඔලුවෙ තියාගෙන මෙන්න මේ විදියට සෙට් කරගන්න .

එල් ඊඩී එකේ පින් දෙකක් තියනව් එල් ඊඩී එකේ දිග පින් එක තමා ධන පැත්තට සම්බන්ධ වෙන්නෙ . කොට පැත්ත තමා ඍන පැත්තට සම්බන්ධ වෙන්නෙ. මේක කනෙක්ට් කරනකොට ධන පැත්තයි ඍණ පැත්තයි තියන විදිය පොඩ්ඩක් මතක තියාගන්න. හරි අපි දැන් මේව් දියට කනෙක්ට් කර ගත්ත එල් ඊඩී එක . අපි දැන් ජම්පර් වයර් දෙකක් පාවිච්චි කරල මේක ආර්ඩුයිනෝ බෝඩ් එකට කනෙක්ට් කර ගනිමු .

හරි දැන් අපේ මේ එල් ඊඩී එකේ ඍණ පැත්ත අපි කනෙක්ට් කර ගන්නව ආර්ඩුයිනෝ බෝඩ් එකේ GND එකකට

ධන පැත්ත අපි කනෙක්ට් කරනව ආර්ඩුයිනෝ බෝඩ් එකේ 13 වෙනි පින් එකට.

 

 

 

හරි කනෙක්ශන් වල එච්චරයි පිට කරන්න තියෙන්නෙ අපි දැන් බලමු ප්‍රෝග්‍රෑම්එක්කෙ මොනවද අපිට කරන්න තියෙන්නෙ කියල.

මේ ප්‍රෝග්‍රෑම් එකේ කියන්න්න ඕනේ මූලික ෆන්ශන් දෙකක් තියනව . පලවෙනි එක තමා SETUP එක . අපි ඒක මෙහෙම ලියනව.

 

void setup(){

 

}

 

void  කියන්නෙ මේකෙ return type එක . මේ setup කියන function එක ඇතුලෙ අපි ලියන්නෙ මොනවහරි initialize කර ගන්න තියනවනම් ඒ වගේ දේවල් තමා අපි මේ සෙටප් එකේ ලියන්නෙ. මේකෙ තව විශේශත්වයක් තියනව මේ සෙටප් එකේ ලියන ඒව රන් වෙන්නෙ එක පාරයි . මේ ගැන දැනට මතක තියාගන්න අපී ඒ ගැන ඉදිරි පාඩම් වලදි බලමු .

 

ඉතින් අපි මේ 13 වෙනි පින් එක මොකක්ද කියල ආර්ඩුයිනෝ බෝඩ් එකට කියන්න ඕනේ . ඒක කරන්නෙ මෙහෙමයි

 

void setup(){

 

pinMode(13, OUTPUT);

 

}

 

හරි දැන් අපි මේ 13 වෙනි පින් එක OUTPUT එකක් බවට පත් කරල තියෙන්නෙ . SETUP එකේ කරන්න තියෙන්නෙ ඔච්චරයි . අපි දැන් බලමු මේකෙ මේන් කෝඩ් එක ලියන්නෙ කොහොමද කියල .

 

ඊට පස්සෙ අපිට තියෙන්නෙ loop කියන function එක ලියන්න. අපි ඒ function එක මෙහෙම ලියමු .

 

void loop(){

 

}

 

හරි loop function එක මෙහෙම තමා ලියන්නෙ .අපි බලමු loop එක ඇතුලෙ අපේ කෝඩ් එක ලියන්නෙ කොහොමද කියල

 

void setup(){

pinMode(13, OUTPUT);

}

 

void loop(){

 

digitalWrite(13, HIGH);

delay(1000);

digitalWrite(13, LOW);

delay(1000);

}

 

මෙහෙම තමා මේන් කෝඩ් එක ලියන්නෙ . අපි බලමු මේක ලිව්වෙ කොහොමද කියල.

 

digitalWrite(13, HIGH);

 

ඔන්න ඔය පේලියෙන් කියල තියෙන්නෙ 13 වෙනි පින් එකට 5V ලබා දීල තියෙන්නෙ. ඒ හන්ද  LED එක ඔන් වෙනව .

 

delay(1000);

 

ඔන්න ඔය පේලියෙන් කියල තියෙන්නෙ LED එක පත්තු වෙලා තියන වෙලාව . මේක අපි දෙන්න ඕනෙ මිලි තත්පර වලින් .

 

අපි මේ කෝඩ් එක ලියල තියෙන්නෙ තත්පරක් LED එක පත්තු වෙලා ආයෙ LED එක තත්පරයක් නිවිල තියෙන්න. මේක දිගින් දිගටම සිද්ද වෙනවා.




ලිව්වේ : Yashitha
අදාල විෂය : Arduino
ලියු දිනය : Mon 05 Feb 2018
මෙම ලිපිය කියවා ඇති ගණන : 1203

Yashitha Nadiranga

වෙනත් Arduino

අනෙකුත් ලිපි
ඉංජිනේරු තාක්ෂණවේදය හැදින්වීම (කෙටි සටහන්)
(medhanga විසින් 2018-12-09 දින උසස්පෙළ යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාලව ලියන ලදි)

හැදින්වීම ඈත අතීතයේ සිටම මිනිසා සෑම විටම අලුත් දේ නිෂ්පාදනය කිරීමට උත්සහ කරන අතර නිර්මාණය කර ඇති දෑ නවීකරණය කරනු ලබයි.මෙහිදී සෑම විටම මිනිසාගේ හෝ සමාජයට ...

3 නෙක් කැමතියි

4 පාඩම, මව්පිය දූ දරු යුතුකම් (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2018-12-07 දින 9-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

දෙමාපියන්, මුල්ම ආචාර්යවරුන් යන අර්ථයෙන් පුබ්බාචරිය යන නමින්ද, සතර බ්රහ්ම විහරණයෙන් යුක්තවූ බැවින් බ්රහ්ම යන නමින් ද හැඳින්වේ. සටහන:- සතර බ්රහ්ම විහරණ පිළිබඳ වැඩිදුර විස්තරයක් ...


ඉදිකිරීම් කටයුතු වලදී භාවිතා වන ගඩොල් බැමි
(medhanga විසින් 2018-12-04 දින උසස්පෙළ යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාලව ලියන ලදි)

ගඩොල් (Brick) ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේදී බහුලව භාවිතා කෙරෙන ගොඩනැගිලි ද්රව්ය අතුරෙන් ප්රධාන තැනක් ගනී.ගංගා,වැව්,ඔයවල් ආශ්රිත පහත බිම්වල ගඩොල් තැනීම සදහා සුදුසු මැටි පවතී.මේවාට අවශ්ය ...

1 නෙක් කැමතියි

විජය සිට මහසෙන් රජ සමය දක්වා ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර වල වටිනාකම
(Samishka විසින් 2018-11-24 දින 12-වසර යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ලංකා ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්ර වල වටිනාකම ලංකා ඉතිහාසය හැදෑරීමේදී දේශීය හා විදේශීය සාහිත්ය මූලාශ්ර ද පුරා විද්යාත්මක මූලාශ්ර ද ...


සංවර්ධනය වෙමින් පවතින රටවල් මහුණ දෙන ගැටළු (The Problems Facing Third World Countries)
(Rev: Handaganawe chandrajothi විසින් 2018-11-23 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ප්රංශ නිරීක්ෂකයකු වූ ඇල්බට් ගෝව් විසින් 1952 අගෝස්තු 14 ලියන ලද ලිපියක "තුන්වන ලෝකය" (Third world) යන වචනය සඳහන් වේ. එය ප්රංශ විප්ලව සමයේදී එමානුවෙල් ...

1 නෙක් කැමතියි

3 පාඩම, අංගුලිමාල මහරහතන් වහන්සේ (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2018-11-20 දින 9-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

වැරදි නිවැරදි කරගත් අයට යහපත් පුද්ගලයෙකු විය හැකි බව සනාථ කරන බුදු දහමේ එන උදාහරණයකි අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කතාව. කුඩා කල අහිංසක නම් වූ ...


චෝල නාවික කටයුතු
(Rev: Handaganawe chandrajothi විසින් 2018-11-20 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ඉන්දියාව මුල් කරගනිමින් සමුද්රාන්තර අධිරාජ්යක් ගොඩ නැංවූ රාජ වංශයක් ලෙස චෝල රාජවංශය හැඳින්විය හැකිය. ක්රි.ව 1013 සියවස් අතර කාලය තුළදී චෝළ අධිරාජ්යය ව්යාප්තව පැවතුණි. නමුත් ...

1 නෙක් කැමතියි

බදු
(තරුෂි විසින් 2018-11-19 දින 10-වසර යටතේ ගණිතය විෂයට අදාලව ලියන ලදි)

...


ඉල්ලුම් නම්‍යතාවය හදුනා ගනිමු
(ECON with විසින් 2018-11-18 දින 12-වසර යටතේ ආර්ථික විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

නම්යතාවය ප්රධාන වශයෙන් කොටස් දෙකකි.එනම්, 1.ඉල්ලුම් නම්යතාවය - ඉල්ලුමට බලපාන සාධකයන්ගේ වෙනසට ඉල්ලුම් ප්රමාණය දක්වන සංවේදීතාවය වේ.එනම් ඉල්ලුමට බලපාන සාධකයන් වන:සලකා බලන භාණ්ඩයේ මිල,අනෙකුත් භාණ්ඩ වල ...


සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවය
(Tharindu විසින් 2018-11-14 දින සාමාන්‍යපෙළ යටතේ නාට්‍ය හා රංග කලාව විෂයට අදාලව ලියන ලදි)

සෘග් වේදයෙහි එන සංවාදාත්මක ස්තෝත්ර ඔස්සේ සංස්කෘත නාට්ය කලාවෙහි ප්රභවය සිදු වී ඇතැයි ඇතැම් වියත්හු අනුමාන කරති. "විද්" ධාතුවෙන් නිපන් වේද යන්නෙහි වාච්යාර්ථය දැනුම හෙවත් ...