දේශිය මුද්‍රා නාට්‍ය - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

දේශිය මුද්‍රා නාට්‍ය

 දේශිය මුද්‍රා නාට්‍ය

දේශිය මුද්‍රා නාට්‍ය යනු කුමක්ද?

                        සෑම රටකටම තමන්ටම ආවේණික වූ මුද්‍රා නාට්‍ය සම්ප්‍රධායක් ඇත. එකී රටේ නර්තන ක්‍රමයන්ට අනුගතව ඇති නිසා එක්එක් රටවල මුද්‍රා නාට්‍ය අතර පොදු සමානාර්ථයක් දක්නට නොමැත. එසේ වුවද මූලික ලක්ෂණ අතර කිසියම් සමානත්වයක් දක්නට ඇත. ඉදිරිපත් කරන ආකාරය අනුව විවිධතා පවතිතත් ලෝකයේ සෑම මුද්‍රා නාට්‍යකම ප්‍රධාන ස්ථානයක් හිමිකර ගන්නේ නර්තනයයි. නැතහොත් නර්තනය මාධ්‍ය කොට ගෙන කරනු ලබන අදහස් ප්‍රකාශනයයි. මේ අනුව දේශිය මුද්‍රා නාට්‍යන්හිදී නර්තනය ප්‍රධාන තැනක් ගනී. මෙහිදී සිදුවන්නේ නර්තනය මාධ්‍ය කොටගෙන අදහස් ප්‍රකාශ කිරීමයි. ඒ සදහා කවර නර්තන මාධ්‍යක් අනුගමනය කළ යුතුද යන්න තීරණය කරන්නේ නිර්මාණ ශිල්පියාය. එසේ නම් දේශීය මුද්‍රා නාට්‍ය යන්න වෙන්කොට හදුනා ගන්නේ කෙසේද? මෙයට පැහැදිළි අදහසක් ඉදිරිපත් කළ නොහැකි වුවත් ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් විසින් දේශිය සංස්කෘතියට අනුගත වන සේ කරන ලද කවර හෝ මුද්‍රා නාට්‍ය නිර්මාණයක් දේශිය මුද්‍රා නාට්‍ය ලෙස සැලකීම යුක්ති සහගත වේ.

 

 

දේශිය මුද්‍රා නාට්‍ය ඉතිහාසය

 රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ගංකා ගමනත් සමගින් ශ්‍රී ලාංකික කලා කරුවන් තුළ ඇති වූ සංස්කෘතික ප්‍රබෝධය දේශිය මුද්‍රා නාටය කලාවේ මූල බීජය වූ බව විචාරකයින්ගේ මතයයි. එසේ වුවද ඇතැම් අයගේ මතයට අනුව ශ්‍රී ලංකාවේ මුද්‍රා නාට්‍ය වංශ කථාව ආරම්භ වන්නේ 1930 වසරේදී සිබඩ් ඩයස් මහතා සග බෝ නාට්‍යයෙනි. මුද්‍රා නාට්‍ය ශිල්පීන් කිහිප දෙනෙකු එකතු වී පිටුවා ගත් “ පැජන්ට් ඔ‍ෆ් ලංකා” සංවිධානය වෙනුවෙන් කරන ලද මුද්‍රා නාට්‍ය මාලාව දේශිය මුද්‍රා නාට්‍ය ඉතිහාසයේ වැදගත් පියවරකි.

 

චිත්‍රසේනගේ රාමා සීතා, ශීපාලි ආයතනයේ විජය කුවේණි, නාලන්දා විශ්වවිද්‍යාලයේ මහසෙන් කථාව, කයිසික් නැටුම් පාසලේ සීගිරි පුවත ආදි වූ මුද්‍රා නාට්‍ය බොහෝ ප්‍රමාණයක් 1948 නිදහස් උත්සවයේදී වේදිකා ගතකල බව වාර්තාගතව ඇත. 1950 -60 දක්වා දශකයේ ශ්‍රී ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ගණනාවක් නිර්මාණය වූ යුගය ලෙස සැලකේ. 1964 වසරේදී ප්‍රථම රාජ්‍ය නාටය උළෙලක් පැවැත්වීම සුවිශේෂි සිද්ධියකි. ශ්‍රී ලංකාවේ ප්‍රකට මුද්‍රා නාට්‍ය ශිල්පීන් කිහිප දෙනෙක් විසින් කරන නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.

 

චිත්‍රසේන  - රාමසීතා, රාණා, විදුර, හිරු කුමරිය, කිංකිණි කෝලම, ශිව රංග, කරදිය

ප්‍රේම කුමාර  - සැළලිහිණිය, තිත්ත බත, කරදිය, දියව්න්නාව, ගමන

පනිභාරත  - හත්පත්තිනි, ග්‍රහ අපලය, දිට්ට මංගලිකා

වසන්ත කුමාර  - නිරෝෂිමා, කුඹුරු පනත, තම්බපණ්නී

 

 

දේශිය මුද්‍රා නාට්‍යන්හි විශේෂ ලක්ෂණ

 දේහිය මුද්‍රා නාට්‍ය වශයෙන් හදුන්වන ඉහතින් සදහන් කළ නිර්මානයක් පිරික්සා බැලීමේදී පහත සදහන් විශේෂ ලක්ෂණ දැකිය හැකිය.

  • නර්තන යොදා ගැනීම
  • නළු නිලියන් විසින් සංවාද හෝ ගායන යොදා නොගැනීම
  • පසුබිම් ගායන ඇතුළත් බව
  • රංග චලනය, වේදිකා සැරසිලි අන්තර්ගත බව
  • සංස්කෘතික අනන්‍යතාවට හානි නෙවෙන වස්ත්‍රාභරණ භාවිතය
  • කවර හෝ කථා තේමාවක් අනුව නිර්මාණය කර තිබීම
  • සරල ඉගි හා අගං චලන මාධ්‍යයෙන් අදහස් ප්‍රකාශ කිරීම

 

 

දේශිය මුද්‍රා නාට්‍යක් රසවිදීමේදී සැලකිලිල්ලට ගත යුතු කරුණු

  • ප්‍රථමයෙන් සුදුසු මුද්‍රා ‍නාට්‍යක් තොරාගෙන අවධානයෙන් යුතුව නැරඹීම
  • එම නාට්‍යයේ තේමාව හා තේමාවෙන් කියැවෙන පණිවිඩය කුම්කද යන්න සොයා බැලීම
  • තේමාවට අනුකූලව අවස්ථාවන් තොදාගෙන තිබේද යන්නත් ඒ සදහා යොදා ගත් උපාය මාර්ගයන් සාර්තකද අසාර්ථකද යන්න සොයා බැලීම
  • චරිත නිරූපණයේදී යොදා ගන්නා බාව ප්‍රකාශන කොතරම් දුරට යෝග්‍යද යන්න විමසීම
  • මුද්‍රා නාට්‍ය සදහා යොදාගෙන ඇති සංගීතය, නාට්‍යයේ තේමාව, බාව ප්‍රකාශනය හා සංගත බවක් දක්වයිද යන වග සොයා බැලීම
  • රංග වස්ත්‍රාභරණ, වේදිකා සැරසිලි, විදුලි ආලෝකය නාට්‍යයේ සාර්තකත්වය උදෙසා කෙතරම් උචිතය යන්න සොයා බැලීම
  • වේදිකා උපාය මාර්ග යොදා ගැනමේදී අනුගමනය කර ඇති ක්‍රියා මාර්ග කොතෙක් දුරට යෝග්‍යද යන්න සෙවීම
  • නාට්‍යයේ පසුබිම් ගීත යො ඇත්නම් නාට්‍යයේ තීවුර භාවය ඇති කිරීම සදහා එම ගීත කවර ආකාරයක සහයෝගයක් නාට්‍යට ලබා දෙන්නේද යන්න නිරීක්ෂණය කිරීම