විචාර ලිවීමේදී උපදෙස්


අ.පො. ස (සා. පෙළ) විචාර ලිවීමේදී සිහි ගබා ගත යුතු වැදගත් කරුණු

 

සාහිත්‍ය රසාස්වාදයේ විශේෂා අංගයක් වන්නේ එම සාහිත්‍ය කෘතිය පිළිබඳව විචාරය කිරිමයි. යම් සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳ විධිමත් හා බුද්ධිගෝචර විග්‍රහ කිරීමක් විචාරය කිරීමක් ලෙස හඳුන්වා දිය හැකි ය. හොඳ විචාරයකින් එම සාහිත්‍ය කෘතිය  පිළිබඳ ව මනා අවබෝධයක් ලැබිය හැකි වනු මෙන් ම, එම සාහිතය කෘතියේ රසය විඳ ගැනීමට පහසුවක් ද එමගින් ඇති කරවයි.

විචාරයක් සිදු කිරීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව පොදුවේ සලකා බැලේ.

  1. කතෘගේ ආකල්පය හා හැඟීම් පැහැදිලි කිරීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?
  2. ඒවා සාර්ථක වි ඇත් ද?
  3. අසාර්ථ වී ඇත්නම් ඒ මොනවාද?
  4. ඊට හේතු මොනවාද?
  5. යොදා ගත් භාෂාවේ ප්‍රබලතා සහ දුබලතා මොනවාද?

   මේ ආදී ලෙස සාහිත්‍ය කෘතිය පිළිබඳ ව විවරණය කිරීමේදී එම කරුණු හේතු සාධක සහිතව සද් භාවයෙන් පෙන්වා දිය යුතු ය. එනම් උදාහරණ ආදිය උපුටා දක්වමින් පැහැදිලි කිරීම් කළ යුතු වේ.

 

සාමාන්‍ය පෙළ විචාර ලිවීම

 සාමාන්‍ය පෙළ විචාර ලිවීමේදී ඔබගෙන් ඉහත පරිදි පෘථුල විචාරයක් ලිවීම අපේක්ෂා නොකරනු ලැබේ. තව ද, සෑම විචාරයක් ම අදාළ කෘතියේ සාධනීය ලක්ෂණ ඔස්සේ විවරණය කිරීමට හැකි වන සේ ප්‍රශ්න සකස් වනු බව පෙනේ. එනිසා, යම් කෘතියක අඩුපාඩු සාකච්ඡා කරමින් විදාරයක යෙදිය යුතු අවස්ථා ඔබට හමු නොවේ.

 

සාමාන්‍ය පෙළ විභාගයේදී දෙයාකාරයක විචාර අපට හමු වේ. එනම් වචන 125ක් බැගින් ලිවිය යුතු විචාර 02ක් සහ වචන 100ක් වන පරිදි ලිවිය යුතු විචාර 01කි.

 

වචන 125ක් බැගින් ලිවිය යුතු විචාර 02ක් ඇත. එම විචාරයක් තුළ සිසුවාගෙන් කරණු 02ක් පිළිබඳ ව විචාරය කිරීම අපේක්ෂා කර ඇත. එහිදී එම එක් එක් කරුණට අදාළ ව උදාහරණ 02ක් බැගින් දක්වමින් නිදසුන් මගින් කරුණු පැහැදිලි කළ යුතු වේ. එනම්, අදාළ කරුණු සනාථ කළ යුතු ය. මෙහිදී සිහි කටයුතු වැදගත් ම කාරණය නම්, අදාළ කරුණූ දෙක පැහැදිලි ව වෙන් වෙන් ව ඉදිරිපත් කළ යුතු ය. ප්‍රශ්නයේ ඉදිරිපත් කර ඇති කරුණ සනාථ කිරීමට ඔබ විසින් ගෙනහැර පාන උදාහරණය පැහැදිලිව දක්වා තිබිය යුතු ය. යම් උපුටා ගැනීමක් සඳහන් කරන විට එම උදාහරණය යුගල උඩුකොමා තුළ දැක්විය යුතු ය. එවිට විචාරයට ඉතා අලංකාරව ඔබට ඉදිරිපත් කළ හැකි ය.

 

අනෙක් වර්ගයේ විචාරය සඳහා අපේක්ෂා කරන්නේ වචන 100ක් පමණි. උදාහරණ 03ක් අදාළ කරුණ සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ය. පෙර පරිදි ම, යුගල උඩු කොමා තුළ ඔබ විසින් ඉදිරිපත් කරන උපුටනයන් දැක්විය යුතු වේ.

 

පොදු වශයෙන්, ඔබට කිවයුතු වැදගත් කරුණක් නම්, ඔබගේ විචාරය ආරම්භයේදී ඉතා කෙටි ඡේදයකින් හැඳින්වීමක් සමග එක එල්ලේ ම විචාරය කරන කරුණට බැස ගැනීම සුදුසු ය. එම විචාරය අඩංගු පොත පත පිළිබඳ ව අනවශ්‍ය විස්තර හෝ ග්‍රන්ථ රචයන්ගේ නම හැරුණූ කොට අනෙකුත් විස්තර ආදී අනවශ්‍ය විස්තර විචාරයේ හැඳන්වීමට ඇතුළත් කිරීම නොකිරීම මනා ය. එසේ වුවහොත් ඔබගේ වචන ප්‍රමාණය අනවශය පරිදි සනාථ කළ යුතු කරුණුවලට නොව ඉන් පරිබාහිර කරුණූ සඳහා වැය වේ. ඒ කෙරෙහි ලකුණු දීමේදී අවධානය යොමු වනු ඇත.

 

තව ද, ඔබ විසින් විචාර ඉදිරිපත් කිරිමේදී දී ඇති වචන ගණනට සීමා නොවී ලිවීම වරදක් නොවේ. එහෙත්, අනවශ්‍ය පරිදි කාලය දික් කර ගැනීම උචිත නොවේ. ඔබට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දී ඇත්තේ පැය 02ක කාලයක් බැවින් හා මෙම විචාර ලිවීමට අමතරව, තවත් ප්‍රධාන ප්‍රශ්න දෙකකට පිළිතුරු සැපයිය යුතු බැවින්, කාලය කළමනාකරණ කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

 

ශාස්ත්‍රපති උදාර ධනංජය පල්ලියගුරු




ලිව්වේ : උදාර ධනංජය
අදාල විෂය : සිංහල
ලියු දිනය : Thu 08 Oct 2015
මෙම ලිපිය කියවා ඇති ගණන : 6591

උදාර ධනංජය පල්ලියගුරු

සාමාන්‍යපෙළ සිංහල

විෂයට අදාල ලිපි

  1. short note
    (lalith / 2018-11-03)
  2. රාජකාරි ලිපියක් හා අත් පත්‍රිකාවක් සකස් කරමු
    (PUBUDU DILSHAN / 2017-10-09)
  3. භාෂාව යනු කුමක්ද ?
    (විජය / 2017-03-29)
  4. සිදත් සඟරාවේ සමස්ථ සන්ධි විග්‍රහයම කෙටියෙන්
    (අනුර / 2017-03-28)
  5. සිදත් සඟරාවේ ලිංගාධිකාරිය
    (අනුර / 2017-03-10)
  6. ඉඟි වැකි - 2
    (Uthpala / 2016-12-23)
  7. භාෂා ව්‍යවහාරය
    (Uthpala / 2016-12-22)
  8. අක්ෂර වින්‍යාසය 04
    (Uthpala / 2016-12-21)
  9. අක්ෂර වින්‍යාසය 03
    (Uthpala / 2016-12-09)
  10. අක්ෂර වින්‍යාසය 1
    (Uthpala / 2016-11-15)
  11. අක්ෂර වින්‍යාසය 02
    (Uthpala / 2016-09-21)
  12. දේශීය නර්තන හා බැදි වාද්‍ය භාන්ඩ
    (kelum / 2016-04-13)
  13. සාරාංශකරණය - 01
    (nipun / 2015-11-29)
  14. සිංහල භාෂාව තුළ තත්සම තත්භව පද නිවැරදිව භාවිතා කරමු
    (sandeepa / 2015-11-22)
  15. සිංහල භාෂාව හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රය
    (nipun / 2015-11-09)
  16. සාමාන්‍ය පෙළ විචාර ලිවීම
    (උදාර ධනංජය / 2015-10-08)
  17. විචාර ලිවීමේදී උපදෙස්
    (උදාර ධනංජය / 2015-10-08)
  18. විචාර හා රසාස්වාද
    (උදාර ධනංජය / 2015-09-14)
  19. රචනා
    (උදාර ධනංජය / 2015-09-14)
  20. අපටත් දවසක ඉර පායාදෝ
    (sandeepa / 2015-08-22)
  21. අව්‍ය පද
    (widushika / 2015-05-20)
  22. ප්‍රස්තාව පිරුළු
    (තිලිණි / 2015-04-20)
  23. සමාන පද
    (ගයාන් / 2014-05-13)
  24. සිංහල අක්ෂර මාලාව
    (ගයාන් / 2014-01-23)

අනෙකුත් ලිපි
ශ්‍රිතයක සීමාව
(Prabath විසින් 2018-11-11 දින උසස්පෙළ යටතේ සංයුක්ත ගණිතය විෂයට අදාලව ලියන ලදි)

සීමාව ගණන් හදන්න පුළුවන් උනාට ගොඩක් වෙලාවට සීමාව ගැන හොඳ පැහැදිලි චිත්රයක් අපි අතරේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම මොකක්ද මේ ශ්රිතයක සීමාව කියන්නේ? ගණිත ගැටලුවක දේවල් ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම-ණයවර ලිපිය හා එහි ක්‍රියාකාරීත්වය
(Eeshara විසින් 2018-11-07 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

සලේඛන ණයවර මෙය අන්තර්ජාතික වෙළඳාම සඳහා යොදා ගන්නා වූ විශ්වාසවන්තම හා යම්කිසි පිරිවැයක් දැරීමට වන ගෙවුම් ක්රමයයි. ණයවර ලිපියක් යනු, එහි පද හා නියමයන් සපුරමින් නම් කළ ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම- විනිමය බිල්පත සහ රැස් කිරීමකට සම්බන්ධ වන පාර්ශව
(Eeshara විසින් 2018-11-07 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

විනිමය බිල්පත සහ රැස් කිරීමකට සම්බන්ධ වන පාර්ශව. සරලව ගත් කල විනිමය බිල්පතක් යනු පාර්ශවයක් විසින් තවත් පාර්ශ්වයක් වෙත යම්කිසි ගනුදෙනුවකට අදාළ කිසියම් වටිනාකමක් ඉල්ලූ විට ...


අන්තර්ජාතික ගැටුම්
(Disna විසින් 2018-11-06 දින සාමාන්‍යපෙළ යටතේ පුරවැසි අධ්‍යාපනය විෂයට අදාලව ලියන ලදි)

රාජ්යයන් අතර පවත්නා ගැටුම් අන්තර්ජාතික ගැටුම් ලෙස සරලව හඳුනාගත හැකිය. මෙම ගැටුම් ප්රධාන කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය. එනම් මතවාදී ගැටුම් හා යුධමය ගැටුම් වශයෙනි. ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම-විවෘත ගිණුම්
(Eeshara විසින් 2018-11-06 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

විවෘත ගිණුම් ක්රමය මෙම ක්රමයේ දී ප්රථමයෙන්ම අපනයනකරු විසින් ආනයනකරු වෙත මුලින් ම භාණ්ඩ නැව්ගත කරන අතර නැව්ගත කිරීමේ දී අදාළ ලිපි ලේඛන ආනයනකරුට සෘජුවම යවනු ...


ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික ලක්ෂණ
(Disna විසින් 2018-11-06 දින සාමාන්‍යපෙළ යටතේ පුරවැසි අධ්‍යාපනය විෂයට අදාලව ලියන ලදි)

ප්රජාතන්ත්රවාදී පාලනය යන්න සරලව හැඳින්විය හැකි වන්නේ ජනතාවගේ පාලනය යන්නයි. ප්රජාතන්ත්රවාදී පාලනය ආකාර දෙකකට ක්රියාත්මක වේ. 1. ඍජු ප්රජාතන්ත්රවාදය2. වක්ර ප්රජාතන්ත්රවාදය ග්රීසියේ ඇතෑන්ස් පෞර රාජ්යයේ පාලන කටයුතු ...

1 නෙක් කැමතියි

අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම- සලේඛන රැස් කිරිම
(Eeshara විසින් 2018-11-06 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

අපි මේ ලිපියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අන්තර්ජාතික වෙළඳාමේ ඉතා වැදගත් ගෙවුම් ක්රමයක් වන සලේඛන රැස් කිරීම පිළිබඳවයි. මෙම අවස්ථාවේ දී අපනයනකරු (ප්රධානියා) වෙළඳ ගිවිසුමට අනුව ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම
(Eeshara විසින් 2018-11-04 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

අන්තර්ජාතික වෙළඳාමෙ ප්රධාන ගෙවුම් ක්රම හතරක් දැක ගත හැක.ඒවා පහත පරිදි වේ. අත්තිකාරම් ගෙවීම විවෘත ගිණුම් ක්රමය සලේඛන රැස් කිරිම සලේඛන ණයවර යන ප්රධාන ක්රම ...


short note
(lalith විසින් 2018-11-03 දින සාමාන්‍යපෙළ යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

තොරතුරු සන්නිවේදන තාක්ෂණය - කෙටි සටහන දත්ත - වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට නොහැකි අංක, වචන,සලකුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරු - දත්ත ගොනු කිරීමෙන් හා ...


ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 02
(Anura විසින් 2018-11-01 දින 3-වසර යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

ප්රශ්නයක පිළිතුරකට ලකුණු 2.5 ක් ලබා දෙන්න (1 ) වැවක ජලය බැස යාමට ඇති දොරටුව කුමක්ද? සොරොව්ව (2) වක්කඩ (3) කවාඩුව (2)සපත්තු හදන තැනැත්තා කුමන නමකින් හැදින්වේද? ...