බ්‍රහ්ම විහාර යන්නෙන් උසස් පැවැත්ම, ශ්‍රේෂ්ඨ ලෙස හැසිරීම යන අර්ථ ලැබේ.
මිනිස් දිවිය උසස් කෙරෙන, මහා බ්‍රහ්මයා සතු වන ගුණ දහම් 4 ක් සතර බ්‍රහ්ම විහරණ නමින් හැඳින් වේ.
1. මෙත්තා - හිතවත් භාවය හෙවත් මෛත්‍රිය යි.
2. කරුණා - අනුන්ගේ දුකකදී පිහිට වීමට සිතෙන තරමේ අනුකම්පාව යි.
3. මුදිතා - අනුන්ගේ සතුටකදී එය තමන්ගේ මෙන් සිතා අවංකව සතුටු විය හැකි ස්වභාවය යි.
4. උපේක්ඛා - සිතෙහි නොසැලෙන මැදහත් බව යි.
දෙමාපියන් "බ්‍රහ්ම" නමින් හැඳින්වෙන්නේ බ්‍රහ්ම විහාර දෙමාපියන් සතු වන බැවිනි.
සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වීම තමන්ගේ මෙන්ම අනුන්ගේද සැනසීම පිණිස වේ.
සතර බ්‍රහ්ම විහරණයෙක් යුක්ත පුද්ගලයන් වාසය කිරීම සදාචාරවත් සමාජයක් බිහි වීමට හේතු වේ.
අභ්‍යාස:-
ශ්‍රේණි විභාගය 2014
1."යහපත් සමාජ සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා සතර බ්‍රහ්ම විහරණ මහෝපකාරී වේ." මෙම කියමන සනාථ කිරීමට කෙටි විස්තරයක් සපයන්න. (ල.5)
ආදර්ශ ප්‍රශ්න
1. බ්‍රහ්ම විහාර ඒ නමින් හැඳින්වෙන්නේ ඇයි? හේතු දක්වන්න. (ල.5)
2. සමාජය තුල අන්‍යෝන්‍ය සුහදතාවයව වර්ධනය කර ගැනීමට බ්‍රහ්ම විහාර උපකාර වන අන්දම පැහැදිලි කරන්න. (ල.10)