19 - ශුද්ධ වූ ජුසේ වාස් පියතුමා කළ ප්‍රාතිහාර්ය

ශුද්ධ වූ ජුසේ වාස් පියතුමා තම ධර්ම දූත කටයුතුවල දී සම්පූර්ණයෙන් දෙවිඳුන් මත යැපෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවිඳුන්ගේ මහා බලය අරුම පුදුම ප්‍රාතිහාර්ය තුළින් ජනතාවට අත්දකින්නට හැකි විය. ශුද්ධ ජුසේ වාස් පියතුමා අතින් සිදු වූ ප්‍රාතිහාර්ය රාශියකි. ඉන් කිහිපයක් මෙසේ ය;

මහනුවර වැසි ලැබීමේ ප්‍රාතිහාර්යය

මහනුවර රාජධානිය පුරා පැවති නියඟයක් විය. බියට පත් රජතුමා විසින් විවිධ ආගමික නායකයන් කැඳවා වැසි ලබා දෙන ලෙස අයදින්නට යැයි නියෝග කරන ලදි. එහෙත් වැසි නොලැබු‚. නියඟය නිසා ජනතාව මහත් පීඩාවට ලක් විය. මේ නිසා මහනුවර දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් වැසි ලබා දෙන ලෙස දෙවිඳුන් යදින මෙන් ජුසෙු වාස් පියතුමාගෙන් ඉල්ලා සිටින ලදි. පියතුමා නගරයේ පුජාසනයක් ඉදිකොට කුරුසියක් ඒ මත තබා විශාල සෙනඟක් ඉදිරියේ දණින් වැටී යාච්ඤා කළේ ය. යාච්ඤා කරන අතරතුර අහස වලාකුළු වලින් වැසී ගොස් ධාරානිපාත වර්ෂාවක් කඩා හැලෙන්නට විය. එහෙත් ශුද්ධ වු ජුසේ වාස් පියතුමා දණින් වැටී සිටි ස්ථානය, පුජාසනය හා කුරුසිය එක ම වැහි බින්දුකින්යත් තෙත් වුයේ නැත.

දැදුරු ඔයෙන් එගොඩ වීම

මහනුවර සිට පුත්තලම දක්වා පැමිණෙමින් සිටි මගීන්ට ගංගාවේ තොටුපොළ වෙත ළඟා වු විට එහි ජලය පිරී ඉතිරී යන බව දක්නට ලැබුණි. ඔවුන්ට එයින් එගොඩවීමට නොහැකි බව වැටහුණි. පසුව එතැනට පැමිණි ශුද්ධ වු ජුසේ වාස් පියතුමන්ට කාරණාව තේරුම් ගියේ ය. එතුමා ලී ඉන්නක් අතේ ඇතිව දිය කෙඳහි ගැඹුර මනිමින් ගඟ මැදට පැමිණුණේ ය. එවිට ජල කඳ බැස ගිය නිසා ගෙඟන් එගොඩ වන ලෙස එතුමා මගීන්ට හඬ ගා කීවේ ය.

තනි අලියා මුණ ගැසීම

ශුද්ධ වු ජුසේ වාස් පියතුමා සහ සගයින් මහනුවර බලා එනවිට භයානක ඇතකු වසන කැලයක් මැදින් ගමන් කරන්නට සිදුවිය. ඔවුන් කැලයට ඇතුළු වනවාත් සමග ම ගස් කඩා බිඳ දමමින් සිටි එම ඇතා ඔවුන් දැක ඉදිරියට පැමිණියේ ය. තුවක්කු වලින් ඇතාට වෙඩි තැබුව ද ඉන් පලක් නොවී ය. වාස් පියතුමා ආශීර්වාද කළ ඉටිපන්දමක් දල්වා එය රැගෙන ඇතා එන මඟ ඉදිරියට ගියේ ය. එවිට ඇතා වාස් පියතුමන් ඉදිරියට පැමිණ නැවතී දණින් වැටී හිස බිමට පහත් කළේ ය. පියතුමා ඇතාට කතා කොට මින් මතුවට කිසිවකුටත් හානියක් නොකරන ලෙස අණ කර ඉවත්ව යන ලෙස පවසා ඇත. ඇතා නැඟිට කැලයට ගිය අතර පසුව කිසි දිනෙක ඇතා දක්නට ලැබී නොමැත.

ලන්දේසි හමුදාවට නොපෙනී පලායාම

ශුද්ධ වු ජුසේ වාස් පියතුමා දහම ප්‍රචාරය කිරීමේ දී ලන්දේසි හමුදාවන්ගෙන් බාධා පැමිණීයේ ය. ඒ නිසා ඔවුන්ට හසු නොවන පරිදි දහම ප්‍රචාරය කරන්නට එතුමාට සිදු විය. ඒ අනුව එක් එක් නිවෙස්වල රාත්‍රි කාලයේ පමණක් දිව්‍ය පුජාව පැවැත්වීමට සිදු කරන ලදි. මෙලෙස දිව්‍ය පුජාව පවත්වන එකි දවසක ලන්දේසීන්ට ඔත්තුවක් ලැබුණි.ඒ අනුව වාස් පියතුමන් අත්අඩංගුවට ගැනීම සඳහා එම නිවස වටලන ලදි. එතැන සිටි කතෝලිකයෝ පැන දිවුහ. ශුද්ධ වු ජුසේ වාස් පියතුමා ද පුජා භාණ්ඩ රැගෙන සොල්දාදුවන්ට හසු නොවී පිටමන් විය.


නිවසට ඇතුළු වු එම සොල්දාදුවන්ට දැක ගත හැකි වුයේ දීප්තිමත් රුවකින් යුත් කාන්තාවක පමණි. ඔවුන් එතැනින් ඉවත්ව ගොස් නැවත පැමිණි විට දේව මෑණියන්ගේ  පිළිරුවක් එම ස්ථානයේ දැක ගත හැකි විය.