17 - සිත් හැරුණු පාවුලු තුමා

මගේ මුල් නම සාවුල්. මම තාර්සස් නගරයෙන් ආ පරිසිවරයෙක්. මම ක්‍රිස්තියානි අය ගැන සිතා සිටියේ මෝසේස්ගෙන් නීතියට විරුද්ධව කටයුතු කරන අය හැටියටයි.

ක්‍රිස්තියානි අයට සිටි ලොකුම සතුරා මමයි. මට වුවමනා කළේ දමස්කයෙහි සිටි ක්‍රිස්තියානින් අල්ලා ගෙන ජෙරුසලමට ගෙනෙන්නයි. නායක පුජකයාගෙන් අවසර අරගෙන ක්‍රිස්තියානින් අත්අඩංගුවට ගැනීම සඳහා දමස්කස් නගරයට යන්න පිටත් වුණා. ඒ යන අතර මඟ දී හදිසියේ ම අහසින් ආලෝකයක් මා අවට බැබළුණා. මම බිය වී බිම ඇද වැටුණා. එවිට "සාවුල් සාවුල් ඔබ මට පීඩා කරන්නේ මන්දැ?" යි කියන හඬක් ඇසුණා. "ස්වාමීනි ඔබ කවරෙක් දැ?" යි කියා මම ඇසුවා. "ඔබ පීඩා කරන ජේසුස් වහන්සේ මමයි. නැඟිට නුවරට ඇතුළු වන්න. "ඔබ කළ යුතු දේ ඔබට කියනු ලබන්නේ යැ" යි පිළිතුරු ලැබුණා. මා සමග ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණාට කිසි දෙයක් පෙනුණේ නැහැ.

මම දවස් තුනක් ඇස් පෙනෙන්නේ නැතිව, කෑම කන්නේ නැතිව සිටියා. සමිඳාණන් වහන්සේ අනනියස් නම් ශ්‍රාවනයෙකු මා වෙත එවුවා. ඔහු මගේ අතින් අල්ලාගෙන මෙසේ කීවා. "සහෝදර සාවුල්, ඔබේ පෙනීම ලබා ගන්න. ඔබ සියලූ මිනිසුන්ගේ සාක්ෂිකාරයකු ලෙස සමිඳාණන් වහන්සේ තෝරාගෙන තිබෙනවා." ඒ වෙලාවේ ම මට පෙනීම ලැබුණා. මම නැඟිට ගත් කල බෞතීස්ම කරනු ලැබුවා. පසුව මට පාවුලූ කියන නම ලැබුණා.


සිත් හැරුණු පාවුලූ තුමාගේ සේවා


  රෝගීන්ට සුවය ලබා දීම
උදා:  ලූස්ත්‍රාව නගරයේ විසූ උපන් දා සිට කොරවූ මිනිසකු සුව කිරීම
       පිලිප්පියේ දී මුදලට පේන කියන, යක්ෂාවේශ වූ තරුණියකට සුවය දානය කිරීම


  විවිධ කිතුනු සංඝවලට ක්‍රිස්තුන් වහන්සේගේ පණිවිඩය රැගෙන යාම
මෙහි දී පාවුලූ තුමා විසින් විවිධ කිතුනු සංඝවලට ලිපි මගින් තම පණිවිඩය ඉදිරිපත් කර ඇත. එවැනි ලිපි 13කි. ඉන් කිහිපයක් නම්;

 

මේ ආකාරයට සිත් හැරුණු පාවුලූ තුමා තම ලේඛන කලාව මගින් ක්‍රිස්තුන් වහන්සේගේ පණිවිඩය අන් අය වෙත ගෙන යාමට දායක විය