ඇමෙරිකානු බැංකු ක්‍රමය - උසස්පෙළ ආර්ථික විද්‍යාව

ඇමෙරිකානු බැංකු ක්‍රමය

1700 ශත වර්ෂයේ දී බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට ගමන් කල වෙළදුන් විසින් වෙනුසිල්වෙනියානු බැංකුව ආරම්භ කිරීමත් සමග ඇමෙරිකාවේ බැංකු ක්‍රමයේ ආරම්භය සනිටුහන් විය.මෙම බැංකුව පිහිටුවනු ලැබුයේ ඇමෙරිකානු විප්ලවීය යුද්ධයට අරමුදල් ලබා ගැනීම පිණිස වේ.

1782 ජනවාරි 01 ඇමෙරිකාවේ ප්‍රථම වාණිජ බැංකුව “උතුරු ඇමෙරිකානු වාණිජ බැංකුව” ආරම්භ විය.

1798 දී “ඇමෙරිකා එක්සත් ජනපද බැංකුව” ආරම්භ කළේය. රජයේ බදු රැස් කිරීමටත්,විදේශ ණය ගෙවා දැමීමටත් මෙම බැංකුව ආරම්භ කෙරුණි.

1830 වන විට ඇමරිකාව තුල ප්‍රාදේශීය බැංකු 30 ක් පමණ දක්නට තිබුණු අතර සිවිල් යුද්ධය වන විට බැංකු ප්‍රමාණය 1500-1600 ක් පමණ විය.මෙම ප්‍රාදේශීය බැංකු ඉක්මනින්ම දේශපාලනීකරණයට ගොදුරු විය.ප්‍රාදේශීය බැංකු පිහිටුවීමට අවසර ලබා දුන්නේ ද තම දේශපාලනික පක්ෂ වල හිතවතුන්ට පමණි.ප්‍රාන්ත බැංකු වල මුදල් ආයෝජනය කර ලාභ ඉපයිමටද ප්‍රාන්ත පාලකයෝ ක්‍රියා කළහ.එමෙන්ම ඔවුහු බැංකු ලියාපදිංචි කරන විට ලියාපදිංචි ගාස්තුවක්ද අය කල අතර ප්‍රාදේශීය බැංකු ප්‍රාන්ත රාජ්‍යයන් මගින් අය කරනු ලබන බදු වලට ද යටත් විය.

1837 දී ඇමෙරිකාව මුල්‍ය අර්බුදයකට මුහුණ දුන්හ.එයට හේතුව වුයේ ප්‍රාන්ත රාජ්‍ය බැංකු විසින් අධික ලෙස මුදල් අච්චු ගැසීමයි.

1860 දී ජේ කූක් ඇන්ඩ් කම්පැනි ආරම්භ වීමත් සමග ආයෝජන බැංකු ද ඇමෙරිකාව තුල ආරම්භ විය.පළමු වරට රාජ්‍ය බැදුම්කර ද නිකුත් වුයේ ජේ කූක් ඇන්ඩ් කම්පැනි ආයෝජන බැංකුව මගිනි.

ඇමෙරිකාවේ මේ වන විටත් මහා බැංකුවක් පිහිටා නොතිබුණු නිසා 1830,1840 හා 1850 යන වර්ෂ වලදී මුල්‍ය අර්බුද ඇති විය.

ඇමෙරිකාවේ බැංකු ක්‍රමය ද්විත්ව බැංකු ක්‍රමයකි.එනම් ජාතික බැංකු සහ ප්‍රාදේශීය එනම් ප්‍රාන්ත බැංකු වශයෙන් දෙකොටසකි.නිදහස් බැංකු ක්‍රමයේ ඇති වූ ගැටළු නිරාකරණය කර ගැනීම සදහා 1863 දී ජාතික බැංකු පනත ඇති කළහ.එමගින් ජාතික බැංකු මධ්‍යම රජය යටතේ ලියාපදිංචි විය.

ඇමෙරිකාවේ මුදල් නිකුත් කිරීම ජාතික බැංකු මගින් මෙන්ම ප්‍රාන්ත රාජ්‍ය බැංකු මගින්ද සිදු කළහ.ප්‍රාන්ත රාජ්‍ය බැංකු ජාතික බැංකු වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතරම ජාතික බැංකු වලට වඩා අඩු නියමනයන්ටද ලක් විය.මේ නිසා ප්‍රාන්ත රාජ්‍ය බැංකු ගන්නා ක්‍රියාමාර්ග හා අය කරනු ලබන පොලිය වැනි දේ ප්‍රාන්ත රාජ්‍ය බැංකු විසින්ම තීරණය කරන ලදී.

1913 දී ඇමෙරිකාවේ මහ බැංකු ක්‍රමය ඇති විය.මෙය සන්ධිය සංචිත මණ්ඩලය නමින් හදුන්වයි.1935 දී ජාතික බැංකු විසින් මුදල් නිකුත් කිරීමේ අයිතිය මධ්‍යම රජයට පවරා දුනි.

ඇමෙරිකාවේ FDIC ආයතනය මගින් බැංකු වල තැන්පතු රක්ෂණය කල අතර එම ආයතනයේ ලියාපදිංචි වූ ප්‍රාන්ත රාජ්‍ය බැංකු ද යම්තාක් දුරට හෝ මහ බැංකුවේ අධීක්ෂණයට ලක් විය.

 

ඇමරිකාවේ බැංකු නියාමන නීතිරීති

1951 ඉතුරුම් පිළිබද සත්‍ය පනත (TISA)

මෙතුලින් අනුග්‍රාහකයන්ට විවිධ ආයතන අතර තැන්පත් සදහා අය කරන පොලි අනුපාත සංසන්දනය කිරීමටත්,තැන්පත් වලට අදාල ගෙවීම් හා කොන්දේසි පිලිබදව දන ගැනීමටත් ඉඩ සලසා දී තිබේ.

 

1968 ණය ලබා දීමේ සත්‍ය පනත (TILA)

මෙතුලින් අනුග්‍රාහකයන්ට ණය ලබා දීමේ දී එම ණය වලට අදාල කොන්දේසි, පිරිවැය හා වසරින් වසර එය ගණනය කරන ආකාරය පිළිබද සම්පුර්ණ වාර්තාවක් සැපයිය යුතුය.

 

1974 සමාන ණය අවස්ථා පනත (ECOA)

මෙම පනත තුලින් ඇමෙරිකාවේ නිත්‍යානුකුල පුරවැසියන් මුල්‍ය ආයතන තුලින් ණය ඉල්ලීම් කිරීමේ දී සමාන අවස්ථා ලබා දිය යුතු බව පැවසුනි.ඒ අනුව ණය ගැනීමේදී පාරිභෝගිකයාගේ ජාතිය,ආගම,උපන් රට,සති පුරුෂ භාවය,විවාහක අවිවාහක බව,වර්ණය යනාදිය පිලිබදව සොයා බැලීම තහනම් විය.

 

1977  ප්‍රජා ප්‍රති ආයෝජන පනත (FCRA)

අඩු ආදායම් ලබන්නන්ට ණය ලබා දීම සදහා කිසියම් බලපෑමක් මෙම පනත මගින් සිදු වී ඇත.

 

1979 විද්‍යුත් අරමුදල් සංක්‍රාම පනත

මෙතුලින් විද්‍යුත් ක්‍රමයට අරමුදල් සංක්‍රාම කරන අනුග්‍රාහකයින්ගේ ආරක්ෂාව පිලිබදව අවධාරණය විය.

උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
071-7556342 
(කොළඹ/ගම්පහ අවට පමණි)

(විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)