ගලීලයේ කානා නම් ගමේ රජයට සේවය කරන නිලධාරියෙක් සිටියා. දවසක් ඔහුගේ පුතා අසනීප වුණා.
ජේසුස් වහන්සේ රෝගීන් සුවපත් කරන බව නිලධාරියා අසා තිබුණා.
“උතුමාණෙනි, මගේ පුතා මරණාසන්න ව සිටිනවා. ඔහුව සුව කරන්න ඔබ තුමාට පුළුවන්" නිලධාරියා ජේසුස් වහන්සේට කිවුවා.
“යන්න, ඔබේ පුතා ජීවත් වේ" යයි ජේසුස් වහන්සේ පැවසුවා. නිලධාරියා එය විශ්වාස කළා. දරුවා සුවපත් වුණා.
අපිත් හැම විට ම විශ්වාසයෙන් දෙවිපියාණන්ට යාච්ඤා කරමු.