දුටුගැමුණු රජතුමා රුවන්මැලිසෑය සෑදුවා. හැම දෙනා ම උදවු කළා.
අනුරාධපුරේ රුවන්මැලිසෑය හුඟක් ලොකුයි. බලන්න ලස්සනයි. අපි රුවන්මැලි වෙහෙර වහන්සේට වඳිමු.
රුවන්මැලිය සිත සනසනවා
ගැමුණු රජුන් මට සිහි වෙනවා
දොහොත් මුදුන් දී නමදිනවා
බුදු ගුණ ලොවට ම සෙත දෙනවා