විචල්‍යයක් සඳහා පරිශීලකගෙන් අගයක් ලබාගැනීම.....
මෙම පාඩමෙන් අප බලාපොරොත්තු වන්නේ විචල්‍යයක් සඳහා පරිශීලකගෙන් අගයක් ලබාගෙන එය භාවිතා කරන ආකාරය පැහැදිලි කර ගැනීමටයි.
මෙය කලින් ලේබලයක් අලවන ලද බෝතලයකට අදාල ද්‍රව්‍ය ඇතුල් කිරීම හා නැවත ඒවා භාවිතයට ගැනීම හා සමානය.
උදාහරණය: ඔබගේ නම Eranda ලෙස ඇතුලත් කළේ නම් Hello Eranda ලෙස තිරයේ දිස්වීමට ක්‍රමලේඛය ලිවීම.
PROGRAM hello; VAR මෙම ඇවුරුණු පදය මගින් විචල්‍යයන් හඳුන්වා දෙයි. name : string; අක්ෂර සමූහයක් ගබඩා කිරීම සඳහා name යන විචල්‍යය භාවිතා වේ. BEGIN WRITELN (‘Please Type Your Name :’); READLN (name); WRITELN (‘Hello ’ + name ); Hello යන වචනය සහ name යන READLN; END.
|
output Please Type Your Name : ERANDA පරිශීලක තමන්ගේ නම ERANDA ලෙස Type කර Enter Key press කරයි.එවිට
ERANDA මෙය තිරයෛ් දිස්වේ. |
පරිශීලක තම වයස ලබාදුන් විට තව වසර 5 කින් ඔහුගේ වයස ගණනය කර ප්‍රදර්ශනය කරයි.
PROGRAM Yourage; VAR age : integer; age යන විචල්‍යය පූර්ණ සංඛ්‍යා ගබඩා කිරීම සඳහා BEGIN WRITELN (‘Please input Your age : ’ ); පරිශීලකට වයස ඇතුලත් කරන ලෙස දැන්වීම READLN (age); ඇතුලත්ව කළ වයස age විචල්‍යයෙහි ගබඩා කිරීම WRITELN (‘After 5 years you will be’ , age+5 , ‘ years old ’ ); වයසට 5 ක් එකතු කිරීම සහ ප්‍රදර්ශනය කිරීම ( මෙය පියවර 2 කින් වුවද සිදු කළ හැක.) READLN; END.
|
output Please input Your age : 20 පරිශීලක තම වයස 20 ක් ලෙස ඇතුලත් කරයි
After 5 years you will be 25 years old මෙලෙස තිරයේ දිස්වේ. |
PROGRAM add_numbers; VAR number1, number2, total : integer; BEGIN WRITELN ( ‘ Enter the first Number : ’); පළමු අංකය ලබාගැනීම READLN (number1); පළමු අංකය number1හි ගබඩා කිරීම WRITELN ( ‘Enter the Second Number :’ ); දෙවන අංකය ලබාගැනීම READLN (number2); දෙවන අංකය number2 හි ගබඩා කිරීම Total := number1+number2; ඉලක්කම් 2 එකතු කර Total හි ගබඩා කිරීම WRITELN (‘Total is =’ , total ); එකතුව ප්‍රදර්ශනය කිරීම. READLN; END.
|
output
Enter the first Number : 23 පළමු අංකය ලබාගැනීම
Enter the Second Number : 15 දෙවන අංකය ලබා ගැනීම
Total is = 38 පිළිතුර ප්‍රදර්ශනය කිරීම |
ඔබගේ අවශ්‍යතාවය පරිදි මෙහි වීඩියෝ දර්ශන පාඨමාලාවක් මගින් ලබා දිය හැකිය. |