මම අද ඔයාලට දෙන්න හදන්නෙ තනි පද ටිකක්. තනි පද කියන්නෙ වචන කිහිපයකින් කියැවෙන දෙයක් තනි පදයකින් දැක්වීමයි. මම ඒ වගේ වචන 90ක් අද ඔයාලට දෙන්නම්. මේ දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනව.
තනි පද (ඡත්‍ර පද)
- හොර බොරු වංචා නොකියන - අවංක
- මුලින්ම ගෙඩි හටගත් - නාඹුල්
- හිස නැති මළ කද - කවන්ධ
- සම්පූර්ණයෙන් වසා දමන ආවරණය - පිරිවැස්ස
- ප්‍රශ්ණයක් මතු වූ විට ජනතාව නගන හඩ - උද්ඝෝෂණය
- අශ්වයාගේ හඬ - හේෂාරාවය
- දෙවතාවක් උපත ලැබූ - ද්විජ
- බුදු කෙනෙකුන් නැතිව ගෙවෙන නරක කාලය - අබුද්දස්ස කාලේ
- රජ කෙනෙකු නොමැති කාලවකවානුව - අරාජක
- තද අව්ව ඇති විට පොළව මතුපිට ජලය මෙන් පෙනෙන්න තිබෙන චායාව - මිරිගුව
- ජලයේ උපන් - ජලජ
- ජලයේ හැසිරෙන - ජලචර
- ආකාශයේ හැසිරෙන - ආකාශචාරී
- රාත්‍රී කාලයේ හැසිරෙන - නිශාචර
- වනයේ හැසිරෙන - වනචර
- තමන්ගේ යහපත ගැන පමනක් සිතන - ආත්මාර්ථකාමී
- අනුන්ගේ යහපත ගැන සිතන - පරාර්ථකාමී
- අනුන්ගෙන් යැපෙන - පරපුටු
- අත් සයක් ඇත්තෝ - සවන්
- ආහාර හිග කාලය - දුර්භික්ෂය
- අනුන් කරන දෙය කරන්නා - අනුකරණය
- පා නොමැති - අපා
- ඇතාගේ නාදය - කුංචනාදය
- අශ්වයා පිට ගමන් කරන්නා - අසරුවා
- වෙනත් දේශයකට අයත් - විජාතික
- ලී වලින් කරන ලද - දැවමය
- සතුන් බලා ගන්නා තැනැත්තා - එඩේරා
- සපත්තු මසන්නා - සපතේරුවා
- සියල්ල දන්නා වූ - සර්වඥ
- සැමදාම කොළපාට ගෙන තිබෙන - සදාහරිත
- හිරු උදාවීමට පළමුව දැකිය හැකි ආලෝකය - අරුණළු
- රටක් බලයෙන් අල්ලා ගැනීම - ආක්‍රමණය
- රෙදි වියන,මහන තැනැත්තා - සන්නාලියා
- යකඩින්ම සාදා ඇති දම්වැල - යදම
- යමක් දැන ගැනීමේ ආශාව - කුතුහලය
- යකඩින්ම කරන ලද දොර - යදොර
- මොනරාගේ නාදය - කේකාරාවය
- මෑ,බෝංචි වර්ග අයත් ශාක කුලය - රනිල
- මුහුද පතුලේ ඇති ගැඹුරු ම විශාල ප්‍රදේශය - ආගාධය
- මඩෙහි උපන් - පංකජ
- මහන වී සිට සිවුරු හරින ලද - උපැවිදි
- බිත්තරයකින් උපන් - අණ්ඩජ
- බොහෝ කාලයක් පවතින - චිරස්ථායි
- ප්‍රමාණය කළ නොහැකි - අපරිමිත
- පුස්කොළෙහි අකුරු ලියන කූර - පන්හිද
- අනුන්ගෙන් පෝෂණය වන - පරපපෝෂිත
- අනුශාසනා දෙන තැනැත්තා - අනුශාසක
- පිනට කැමති - පුණ්‍යකාමී
- පාරවල් දෙකක් එකට හමුවන තැන - දෙමංසල
- කටට ආ දේ කියන - වාචාල
- කන්දක් මැදින් වැටී ඇති දුෂ්කර පාර - ගිරිදුර්ගය
- කළගුණ නො සලකන්නා - අකෘතඥයා
- උපසම්පදා නොවූ භික්ෂුව - සාමණේර
- පාර සොයා ගැනීමට නොහැකි - මංමුළා
- නිදා ගැනීමට ඇති කාමරය - සයනාගාරය
- නැව්වල බඩුවලට බදු අය කරන ස්ථානය - රේගුව
- නිතර කථාවෙහි ඇළුණු - දොඩමළු
- ගසක මැද තිබෙන තද කොටස - අරටුව
- ගනුදෙනු කාරයන් අතර සිට ලාභ ලබන අය - තැරැව්කරුවන්
- දිරා ගිය කිලිටි ඇදුම් - වැරහැලි
- තමන්ට අයිති - ස්වකීය
- ජීවිතය ඇති තාක් කල් - යාවජීව
- දිනපතා පැවැත්විය යුතු - දෛනික
- තේරුම් ගැනීමට ඉතා අමාරු - ගැටළු
- බොහෝ දුර කල්පනා කරන - දූරදර්ශී
- කිසිවෙකුට දෙවෙනි නොවන - අද්විතීය
- ජාතිය කෙරෙහි ඇති ඇල්ම - ජාත්‍යාලය
- රිදියෙන් කරන ලද - රජතමය
- බලාපොරොත්තු නොවු කරදරයකට මුහුණ දීමට සිදුවීම - අකරතැබ්බය
- හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම - අත්තනෝමතික
- දිය පිරී ගිය මඩවගුර - වතුරාව
- ඉතා අඩු ඇසු විරූ දේ ඇති - අල්පශෘත
- වැඩකට නොමැති හිස් බස්- ප්‍රලාප
- මත්පැන් පෙරන ස්ථානය - ස්කාගාරය
- සිතූ පැතූ සම්පත් දෙන මැණික - සිතුමිණ
- කාන්තාරයේ ඇති සාරවත් බිම් කොටස - ක්ෂේමභූමිය
- සතුට උදෙසා දෙන තෑග්ග - පාරිතෝෂිතය
- තාපසයන් වාසය කරන ස්ථානය - අසපුව
- කවි තැනීමට නොහැකි - කුකවි
- කිසිදා නොදිරන - අජරාමර
- පොළව පාලනය කරන - භූපල්
- වීදුරුවෙන් කළ - වජ්‍රමය
- බලාපොරොත්තු කඩ වීම - ඉච්ඡාභංගත්වය
- පැයක කාලය - හෝරාව
- විවාහ වී දරුවන් නොලද ස්ත්‍රිය - වදකත
- පවුලක මුලින්ම උපන් - කුළුදුල්
- උසට සරිලන මහත ඇති - ආරෝහ පරිනාහ
- සුබෝපභෝගයෙන් තොර - නිරාමිෂ
- එක් පක්ෂයකට බරව කටයුතු කරන - පක්ෂග්‍රාහී
- දෙව් මිනිසුන් සහිත - සනරාමර