කිසාගෝතමියක නොවේ
කිසා ගෝතමියක නොවේ රසාස්වාදය නිර්මාණත්මකව ඉදිරිපත් කරන ආකාරය.
"විදි සරනා මවක දුටුවෙමි
දෑස කදුලින් තෙමි අදවුනු
ඇගේ ළමැදෙහි ගුලිව නිහඩව
නොමළ පිලිදකි සෙමින් මිය යන
කිසා ගෝතමික ලෙසින් ඇය මංසලෙන් සල නැගුනු තොරණින්
ලොවට අත පා ඇයැ ද සිටියේ මහරු සම්බුදු සිරිත දිස් විය
මියැදී බිලිදුට නැවත පණ නොව උවසු උවැසිය ගැයූ බැති ගී
මියෙන පොඩි පුතු රකින මගකිය අමර පිසවා ගැබට එක්විය
නැගෙන සැනකිලි හඩින් සිව්දෙස රැයහි මැදියම ගෙවන මොහොතෙහි
පිරි අබිසෙස් ලැබී සොම්නස දනන් කෙළිලොල් හඩ නිමා විය
විදුලි එළියෙන් පුරය එකලුව මවක් ඉකි බිද වැළපෙනා හඩ
අසිරිමත් සුරලොවක් බිහිවිය පාළු විදිය වසා මතු විය."
රසාස්වාදය ඉදිරිපත් කිරීමට පෙර කවි පෙලහි අදහස හොදින් තේරුම් ගත යුතුය.
මෙම කවි පෙළ පොදුවේ ගත් විට එදා බුදුසමයේ කිසා ගෝතමිය තම මියදුන දරුවා හට පණ දෙන ලෙස අඩාවැළපුන කතා පාඨය වස්තු බීජය කොට ගෙන
වර්තමාන සමාජය හි දුර්වල මනසින් යුතුව ක්රියාකරන අවස්ථාවක් සමස්ථයක් කරගෙන අසරණ මවක ගේ දරු සෙනෙහස කැටි කොට දයාසේන ගුණසිංහ නම්
කාව්ය වේදියා විසින් මේ මුළු ලොවටම උලුප්පා පෙන්වන්නේ මුළු මහත් සමාජය තුලම මුල් බැසගත් දුර්වල කමකි.
සාමාන්ය වාර්තාමය ආකාරයක් ගන්නා මෙම කවි පෙළ සහෘද මනසට ශෝකය දැනවිම පමණක්ම නොව ඔබගේ සංවේදී මනස අවදි කරන්න්නද මෙම
කිසා ගොත්මියක නොවේ පද බැදුම සමත්ව ඇති බව නොවනුමානය.
1 කවිය හොදින් තේරුම් ගනිමු.
දුප්පත්කමහි පතුලටම ගිලි සිටින දරු ස්නේහෙයෙන් පිරුණු අසරණ මවක් යාමට සිටීමට නිවසක් නොමතිව
දෙනෝ දහසක් ගැවසෙන මහා වීදියෙහි කොනකට වී වැලපෙමින් සිටි . ඇයගේ තුලුලෙහි මවගේ උණුසුම ලබමින්
නිහඩව හුස්ම පොද වෙනුවෙන් සටන් කරන කුඩා දරුවා බොහෝ සෙයින් රෝගී වී ඇත. තම තුරුල දරුවාගේ හිසට වහලක් කරදී
හඩා වැලපෙන්නේ මෙ අසරණ මවගේ දැස් උණු කදුළු වලින් බොදවී ඇත. තම මව හඩා වැලපුනද දරුවාගේ නිශ්ශබ්දය සැමට පසක් කරන්නේ දරුවා බොහෝ සෙයින්
දුර්වලවී ඇති බවයි.
2 කවිය තේරුම් ගනිමු.
මෙහිදී කවියා විසින් බුදුසමයේ ජීවත්වූ කිසාගෝතමිය තම මිය ගිය දරුවා හට පණ ලබාදෙන්න යැයි හඩා වැටුන අවස්ථාව
මෙම පද්යට මුසු කර ඇත අතීතයේ කිසාගෝතමිය ඉල්ලා සිටියේ මිය ගිය තම දරුවාට පණය නමුත් මේ වර්තමානේ මෙ මව
හඩා වැටැන්නේ මිය යාමට ආසන්න තම දරුවා රැක ගන්නට ආර්ථික අත් වැලකි. එදා කිසාගෝතමිය මියැදුණු දරුවකු රැගෙන බුදු හිමි ලග හඩා වැලපෙමින්
ඉල්ලා සිටියේ දරුවාට පණ ලබා දෙන ලෙසය. නමුත් මෙ මව සමාජයෙන් ඉල්ලා සිටින්නේ තම දරුවා බේරා දෙන ලෙසය.
අනෙකාට අතපා ජිවත් වීම නිවට ක්රියාවක් යැයි සැලකුවද මහ පාරේ දරුවන් දමා යන මව්වරු සිටියදී මෙම මවගේ පුත්ර ස්නේහයට සහයක් දැක්වීමට නොහැකිද.
3 කවිය හොදින් තේරුම් ගනිමු.
මෙම ශෝචනිය සිද්දිය සිදුවන කාලපරාසය මෙවන් සිද්දියක් සිදුවීමට කොහෙත්ම සුදූසු කාලයක් නෙවෙයි.
මෙය වෙසක් කාලයකි වෙසක් සැනකිලි සැම තැනකම ඇත බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරුපනය කාරාත
විවධ දාන පතියන්න්ගේ සැලකිලි වලින් මුළු ප්රදේශයම වර්ණවත් වී ඇත.
බැති ගී මුළු ගුවනේහිම පැතිරී යයි. මෙම මිය යමින් සිටින දරුවා හට පිහිට වන්නට කිහිවකු ඉරිදී පත් නොවෙන්නේ
ප්රති පත්ති පූජා අමතක කරද. ආමිස පුජා වලින් මෙහි මත සුර ලොවක් මැවිය නොහැකිද.
මෙවැනි තාවකාලික ක්රියාවන් කර පමණක් ශ්රධාවන්ත විය නොහැකිය. සංවේදී මිනිසුන් සිටිනවා නම් මෙ මවගේ ආයාචනය ඇසෙනවා නියතය.
4 කවිය තේරුම් ගනිමු.
මුළු රටම සැනකිලි සිරියෙන් ඇලලී යයි මෙම අසිරිය තුලම මිය යමින් සිටින කුඩා දරුවාගේ ජීවිතය බේරා දෙන ලෙස අයදමින්
දුව යන අසරණ මව නොපෙන්නේන්නේ මන්ද යන්න ගැටලුවකි.
මුළු සැනකිලි භුමියම එලිය කර ඇති විදුලි එළියෙන් හැකි වේද මෙම අසරණ දරුවාගේ හෝ කාගේහෝ ජීවිතයක් එළිය කරන්න.
මෙලෙස වියදම් කරන ධානපතියන් අතර මෙම අසරණ මවට පිහිට වීමට කිසිවකු නොමැති වීම පුදුම සහගතය.
5 කවිය තේරුම් ගනිමු.
අවසාන කවියෙන් කවියා පෙන්නවා දී ඇත්තේ සියල්ලෙහි නිමාවයි.
මැදියම් රැය ගෙවන විට සියලු ඝෝෂාවන් නිමවිය. සියලු තාවකාලික කටයුතු හමාර විය.
ජනයාගේ ප්රීති වීම් මද කෙදිරිල්ලක් සේ ඇසුණු මවගේ හඩට පාළු වීදීය ඉඩ සකසා දී ඇත.
නමුන් දැන් ඇයට කිසිවකින් පලක් නැත ඇගේ දරුවා මිය ගොස් ඇත.
පාළු විදිය පුරා මවගේ ශෝකය පැතිරී ඇත.
මෙම ලිපිය තුළින් කිසාගෝතමිය ගෝතමියක නොවේ යන කාව්යහි රසාස්වාදය ඉදිරිපත් කරන ආකාරය පිලිබදව සරල අවබෝදයක් ලබාගත හැකිය.
ලිපියේ යන දෝෂයක් ඇති නම් සමාවෙන්න. සුභ දවසක්.