4 - උතුම් දේව මැවිල්ල

දෙවි පියාණන් වහන්සේගේ උතුම් ම හා වටිනා ම මැවිල්ල මමයි. දෙවිපියාණෝ මට ආදරෙයි. මා දෙවිපියාණන්ට ගොඩක් වටිනවා. දෙවිපියාණන් මට ලබා දුන් ශරීරය මම පිරිසිදුව තබා ගනිමි.


පුංචි පුංචි පුංචි ළමෝ - මුතුවන් පොඩි දසන් විදා
තෙල් ගාලා හිස පීරා - පිරිසිදු ඇඳුමක් ඇඳලා
ඇවිදින විට සිතේවිදෝ - දේව දූතයෙක් කියලා

ආදර දෙවි පියාණෙනි, මා ඔබ වහන්සේගේ වටිනා
දරුවෙක් ලෙස මැවුවාට ස්තූතියි. මගේ ශරීරය ආරක්ෂා
කරන හොඳ පුරුදු ඉගෙන ගන්නට මට පිහිට වුව
මැනව. ආමෙන්!