16 - පුංචි අපේ හොඳ මිතුරා


ගලීලයේ නාසරෙත් ගමේ
සුරැකි පියා මරි මවු සෙවණේ
කීකරු ජේසු පුතා වැඩුණේ
ශුද්ධ වු පවුලක් ලෙස මෙලොවේ

ගෙදර දොරේ වැඩපළ බලලා
මරිමව් වෙත සෙනෙහස පාලා
පුංචි ජේසු කළ පුංචි ක්‍රියා
දෙවි පියහට පැසසුම් වූවා

වඩු මඩුවේ තම සුරැකි පියා
සාදන ලී බඩු දෙස බලලා
වෙහෙස නිවන අදහසින් පුතා
වතුර ගෙනාවා ප්‍රීතියෙනා

මව්පිය සමගින් ජේසු පුතා
දුක් කරදර ඉවසුමෙන් දරා
දෙවිඳුන් යදිමින් අන් අය උදෙසා
හැදී වැඩුණා දෙව් මහිමෙ පතා

ආදර දෙවි පියාණෙනි, ජේසුස් වහන්සේ වගේ අපටත්
දෙමවුපියන්ට, වැඩිහිටියන්ට කීකරු වීමට පිහිට වුව
මැනව. ආමෙන්!