හිරු නැගෙමින් - සඳ දිලෙමින්
තරු සිනාසෙමින්
අහස් කුසේ කුරුලූ රංචු
ඉගිළ යති තුටින්
දෙවිඳු ආදරේ ගයමින්
ඉපිලෙති සතුටින්
පලබර මහ ගස්
ගසේ එතුණු වැල්
අහිංසක ව දුව පැන යන
වනයෙ වන සතුන්
සුරකින්නේ මහ බල ඇති
අප පිය දෙවිඳුන්
කෙත් වතු සිඹගෙන හමනා
මඳ සිහිල් සුළං
පොළෝ තලෙන් මතු කර දෙන
සියලූ සාරයන්
ලබා දුන්නේ ආදරයෙන්
පිය දෙවි සමිඳුන්
කඳු හෙල් අතරින් ගලනා
රිදී දිය කඳන්
ඇළේ දොළේ පිහිනා යන
දණ්ඩි කොරළියන්
මහ සයුරේ දිවි ගෙවනා
ලොකු පොකිරිස්සන්
ජලය පුරා තුටින් නටන
පුංචි මාළුවන්
පිය දෙවිඳුගෙ මහිමෙ ලොවට
කියන සැටි බලන්
ආදර දෙවි පියාණෙනි, මේ ලස්සන ලෝකය අපට
කියා පාන්නේ ඔබ වහන්සේගේ ආදරයයි. එය අපට
ආලෝකය පිරිසිදු ජලය ආහාර වැනි බොහෝ දේ ලබා
දෙනවා. ඒ නිසා පරිසරය ආදරෙයන් රැකබලා ගෙන
අගය කිරීමට පුංචි අපට කියා දුන මැනව. ආමෙන්!