19 - කම්මැලි නැති ළමයි

මල්ලී :- අයියා මොනවා ද උදේ පාන්දර මිදුලේ කරන්නේ?

අයියා :- මම මල් පැළවලට වතුර දානවා. මල්ලීත් එන්න.

මල්ලී :- අනේ ! මට කම්මැළියි අයියේ.

අයියා :- හොඳ ළමයි කම්මැළි වෙන්නේ නැහැ. උදෙන් ම අවදි වෙලා ගොඩක් වැඩ කරනවා.

මල්ලී :- උදෙන් ම අවදි වෙලා පාඩම් කරන්න කියලා ගුරුතුමීත් අපට කිවුවා.

අයියා :- ඔව් මල්ලී. කම්මැළි නැතුව උදෙන් අවදි වුණා ම අපේ ශරීරය නීරෝගී වෙනවා. උදෙන් ම පාඩම් කළා ම අපට හොඳට මතක හිටිනවා.

මල්ලී :- උදෙන් ම පාසලට එන ළමයින්ට ගුරුතුමී ආදරෙයි කිවුවා.

අයියා :- උදෙන් අවදි වුණා ම පමා නො වී පාසලට යන්නත් පුළුවන්. එතකොට තමයි ගුරුතුමීත් අපට ආදරේ වෙන්නේ.

මල්ලී :- මීට පස්සේ මමත් අයියා වාගේ කම්මැළි නැති ව උදෙන් අවදි වෙලා පාඩම් කරනවා.

අයියා :- එන්න, අපි දෙන්නා ම මේ අඹ පැළය හිටවමු.

මල්ලී :- හොඳයි අයියේ. මම වතුරත් අරගෙන එන්නම්.

අයියා :- හොඳ මල්ලී.