අනුරාධපුරයේ සෑදූ පළමුවෙනි දාගැබ ථූපාරාමයයි.
මෙහි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ නිදන් කර තිබෙනවා.
මෙහි ථූපයක් මෙන් ම ආරාමයක් ද තිබූ නිසා ථූපාරාමය නමින් හැඳින්වෙනවා.
දේවානම්පිය තිස්ස රජතුමා ථූපාරාමය කරවූවා.
මෙය සොළොස්මස්ථානයට අයත් වෙනවා.
අපි මල් පහන් පුදා, සැදැහැ සිතින් ථූපාරාම වෙහෙර වහන්සේ නමදිමු.
සාධු! සාධු!! සාධු!!!