බුදු සාදු බුදු සාදු
සඳුන් ගසක් වෙන්නම්
මම සමන් වැලක් වෙන්නම්//
ඔබගේ පාමුල සමන් වැලක් වී//
සුවඳ මලින් සැරසෙන්නම්//
බුදු සාදු බුදු සාදු
සඳුන් ගසක් වෙන්නම්
මම සමන් වැලක් වෙන්නම්
ඔබ වැඩි අරණේ සඳුන් ගසක් වී//
සිසිල සෙවණ රඳවන්නම්//
බුදු සාදු බුදු සාදු
නෙළුම් මලක් වෙන්නම්
මම නෙළුම් මලක් වෙන්නම්
ඔබගේ පියවර මැනුම් ඉදිරියේ//
මුදු පාපිස්නක් වෙන්නම්//
බුදු සාදු බුදු සාදු
සඳුන් ගසක් වෙන්නම්
මම සමන් වැලක් වෙන්නම්
බුදු සාදු බුදු සාදු
නෙළුම් මලක් වෙන්නම්
මම නෙළුම් මලක් වෙන්නම්
පද රචනය : අසෝක කොළඹගේ මහතා
සංගීතය : ඩී.ඩී. ඩැනී මහතා
ගායනය : විශාරද නන්දා මාලනී මහත්මිය