අල්ලාහ් ආදරවන්තයා ය.
ඔහු කරුණාව ඇත්තෙකි.
අහස මැව්වේ ඔහු ය.
පොළොව මැව්වේ ද ඔහු ය.
ඔහු පොළොවේ ජීවීන් මැව්වේ ය.
ඔහු ජීවීන් පෝෂණය කිරීමට ශාක වවන්නේ ය;
ශාක වැඩෙන්නට වර්ෂාව වස්සවන්නේ ය;
පොළොව වර්ෂාවෙන් සරු කරවන්නේ ය; පොළොවේ ඇති සියල්ලට ම
ආහාර ලබා දී පෝෂණය කරන්නේ ය; රස්සාක් වන්නේ ඔහු ය.