ජනයා එක්රැස් වන ස්ථාන රාශියක් තියනවා. ඒවා අතරින් බස් නවාතැන් පොළත් එකක් වේ. එය මගීන්ට නැවතීම සඳහා සකස් කරන ලද එකක්.
එහි කුණු රොඩු දැමීම නොකළ යුතු ය. අපවිත්ර දේවල් තැන් තැන් වල විසි කිරීම නොකළ යුතු ය. එහි බිත්තිවල ලිවීම හෝ ඇඳීම නොකළ යුතු ය. දැන්වීම් ඇලවීම නොකළ යුතු ය. එහි කෙළ ගැසීම නොකළ යුතු ය.
මෙසේ ජනතාව එක්රැස් වන පොළවල්, කඩවීදි, ක්රීඩා පිටි ආදියත් අපිරිසිදු නොකර ආරක්ෂා කළ යුතු ය.
එවිට අපට සුවසේ ජීවත් විය හැකි ය.
පරිසරයේ පිරිසිදුකම සුරකිමු.