20 - සංග්‍රහය

දිනක් හාදිගේ නිවසේ විවාහ උත්සවයක් පැවැත්වුණා. උත්සවයට වැඩිහිටියනුත් අමුත්තනුත් මිතුරොත් ඇවිත් සිටියා.

හාදි වැඩිහිටියන් හා අමුත්තන් ගෞරවයෙන් පිළිගත්තා. සම්ප්‍රදායානුකූලව පිනිදිය ඉස්සා. දෑත්වල සුවඳ ගල්වා ආරාධනා කළා.

අමුත්තන් ඔහුගේ ක්‍රියාව අගය කළා. ඔවුන් ඔහු සමඟ මුසාෆහා කළා. ඔවුන් ඔහු සිප ගත්තා. ඔහු ද ඒ අයගේ දෑත් සිප ගත්තා.

හාදි ඔවුනට සංග්‍රහ දී හොඳින් සැලකුවා.

වැඩිහිටියන් සහ අමුත්තන් හා මිතුරන් හාදිට ස්තුති කර සතුටින් තම නිවෙස්වලට ගියා.