18 - හොඳ ශිෂ්‍යයන්

අපි හොඳ ශිෂ්‍යයෝ වෙමු.

ඕනෑ ම දෙයක් ක්‍රමවත් ව කරමු.

පන්තියට ඇතුළු වූ වහා ම, නියමිත ස්ථානයේ පොත් බෑගය තබමු.

මේස, පුටු පිළියෙල කරමු.

කසළ අහුලා හෝ අතුගා කසළ කූඩයට දමමු.

ගුරු මේසයට මේස රෙද්දක් එළමු.

මල් පෝච්චිය ගුරු මේසය මැද තබමු.

පන්තියට එන ගුරුතුමා සලාම් කියා පිළිගනිමු.

සලාතය ඉටු කරමු.

පවුලේ සාමාජිකයන් සමග එකතු වී දහවල් කෑම කමු.

අල්ලාහ්ට ස්තුති කරමු.