7 - සාමය පතුරමු

ශු. මතෙව් 5 : 9

පාසලේ දී සාමය පතුරමු.

    ඔය දෙන්නා ම ගහ ගන්නකොට දෙදෙනාට ම රිදෙනවා නේද?

           සමාදානයෙන් ඉන්නකොට අපි හැමෝට ම සතුටු වෙන්න පුළුවන්

 

ක්‍රීඩා පිටියේ දී සාමය පතුරමු.

         නීතිය කඩකරලා ක්‍රීඩාව ජයග්‍රහණය කළාට ඒක නියම ජයග්‍රහණය නොවේ.

            සාමයෙන් ක්‍රීඩා කළා ම තමයි, උපරිම සතුට ලබන්න පුළුවන්.

 

දේවස්ථානයේ හා සබත් පාසලේ දී සාමය පතුරමු.

              අපෝ ඔයා වාඩිවෙන්න මා ළඟට එන්න එපා.

            ඒ මොකද ඒ? අපි හැමෝ ම දෙවියන් වහන්සේගේ දරුවෝ නේද?

අපි හැමෝ ම දේව දරුකමට සුදුසුකම් ලබන්නේ සාමකාමී ලෙස ක්‍රියා කළොත් පමණයි.

මම සාමය පතුරවන දරුවෙක්මි!

ජේසුස් වහන්ස,
අන් අය සමග සාමයෙන් ජීවත් වන්න අපට පිහිට වන්න.
අසමගිකම් ඇති වන අවස්ථාවල සාමය ඇති කරන දූතයන් ලෙස අප
මෙහෙයවන්න.
ආමෙන්.