ගුණ කරන්නට ඉගෙන ගනිමු.
ගුණ කර පිළිතුරු ලියමු.
දෙකෙන් ගුණ කරමු.
අභ්‍යාස පොතෙහි ලියමින් ගැටලූ විසඳමු.
(1) පෙට්ටියක මකන කෑලි දෙක බැගින් ඇත. එවැනි පෙට්ටි 6ක ඇති මකන කෑලි ගණන කීය ද?
(2) 24 දෙනකුට දෙක බැගින් දීමට මීනා වඩේ මිල දී ගත්තා ය. ඇය ගත් වඩේ ගණන කීය ද?
(3) ගයාන් එක් පාර්සලයකට පොත් දෙකක් බැගින් දැමුවේ ය. එවැනි පාර්සල් 32ක ඇති පොත් ගණන කීය ද?
(4) පෝච්චියක මිරිස් පැළ 2ක් බැගින් සිටුවිය යුතු ය. පෝච්චි 44ක සිටුවීමට අවශ්‍ය මිරිස් පැළ ගණන කීය ද?
(5) ආසන 30ක් ඇති බස් රථයක එක් ආසනයක දෙදෙනා බැගින් කී දෙනකුට අසුන්ගත හැකි ද?
(6) ඔරුවකින් එක් ගමන් වාරයක දී දෙදෙනකුට යා හැකි ය. ගමන් වාර 12ක දී කී දෙනකුට ගමන් කළ හැකි ද?
(7) එක් අයකුට තලගුළි දෙක බැගින් විසි දෙනකුට දීමට අවශ්‍ය තලගුළි ගණන කීය ද?
දෙකෙහි ගුණන වගුව මතක දැයි බලමු. කොටු පුරවා පිළිතුර සම්පූර්ණ කරමු.
පහෙන් ගුණ කරමු.
පහෙන් ගුණ කරමු.
අභ්‍යාස පොතෙහි ලියමින් ගැටලූ විසඳමු.
(1) ක්‍රීඩාවක දී පන්තියේ ළමයින් පස්දෙනා බැගින් කණ්ඩායම් හතක් ලෙස වෙන් වූයේ නම් ක්‍රීඩාවේ යෙදුනු මුළු ළමයින් ගණන කීය ද?
(2) බිනර, එක් පෙට්ටියකට චොකලට් පහ බැගින් දමා පෙට්ටි 30ක් සැකසී ය. පෙට්ටි තිහේ ඇති මුළු චොකලට් ගණන කීය ද?
(3) එක් අයකුට 5 බැගින් විසි එක් දෙනකුට දීමට අවශ්‍ය මුළු වෙරළු ගෙඩි ගණන කීය ද?
(4) මිනිසෙක් දොඩම් ගෙඩි පහ බැගින් ඇසුරූ පෙට්ටි 41ක් මිල දී ගත්තේය. ඔහු මිලදී ගත් මුළු දොඩම් ගෙඩි ගණන කීය ද?
(5) එක් පැකට්ටුවක බොත්තම් පහක් ඇත. එවැනි පැකට් 50ක ඇති මුළු බොත්තම් ගණන කීය ද?
ගුණ කරමින් වගුව සම්පූර්ණ කරමු.