31 - ප්‍රස්තාර 2

කණ්ඩායමක සිටින සිසුන්ගේ උපන් මාස පිළිබඳව ලබාගත් තොරතුරු පහත වගුවේ දැක්වේ.

ඉහත තොරතුරු ප්‍රස්තාරයකින් නිරූපණය කරමු.

ඉහත ප්‍රස්තාරය බලා ප්‍රශ්නවලට පිළිතුරු ලියමු.

ළමයින් කණ්ඩායමක් වඩාත් ම කැමති ආහාර පිළිබඳ රැස්කරගත් තොරතුරු පහත වගුවේ දැක්වේ.

• ඉහත තොරතුරු රූපික ප්‍රස්තාරයකින් දක්වමු.
• ප්‍රස්තාරය බලා පහත ප්‍රශ්නවලට පිළිතුරු ලියමු.

(1) රොටීවලට කැමති ළමයින් ගණන කීය ද?
(2) කිරිබත්වලට වඩා ඉඳිආප්පවලට කී දෙනෙක් කැමති ද?
(3) රොටී හා පිට්ටුවලට කැමති මුළු ළමයි ගණන කීය ද?
(4) කණ්ඩායමේ සිටින මුළු ළමයි ගණන කීය ද?

• ක්‍රීඩා පිටියක සෙල්ලම් කළ ළමයින් කිහිප දෙනකු වළල්ලක් තුළට බෝලය දැමූ වාර ගණන පහත දැක්වේ.
• ඒ ඇසුරෙන් වගුව සම්පූර්ණ කරමු.

• ඉහත තොරතුරු රූපික ප්‍රස්තාරයකින් දක්වමු.
• ප්‍රස්තාරය බලා පහත ප්‍රශ්නවලට පිළිතුරු ලියමු.

(1) සනුක වළල්ල තුළට කී වරක් බෝලය දැමුවේ ද?
(2) අඩු ම වාර ගණනක් බෝලය වළල්ල තුළට දැමුවේ කවුද?
(3) සියලූ ම ළමයින් වළල්ල තුළට බෝලය දැමූ වාර ගණන කීය ද?
(4) රමේෂ්ට වඩා සිතුලි කී වරක් වැඩියෙන් බෝලය වළල්ල තුළට දමා තිබේ ද?