ජේසුස් වහන්සේ අපට හමු වන විශේෂ අවස්ථා හතක් පහත දැක්වේ. ඒවාට අපි දේව ප්‍රසාද නිධාන කියා කියමු.
පවන් සහ ඔහුගේ මව, විශ්ව පුතාගේ ක්‍රිස්තියානියට සහභාගි වී නිවස බලා යන අතර;
පවන් : මට නම් අද හරි ම සතුටුයි, අම්මේ හෙට අපේ ආගම පාඩමට කියා දෙන්න නියමිතව තිබෙන්නෙත් දේව ප්‍රසාද නිධාන 7න් පළමු ප්‍රසාද නිධානය ගැනයි.
අම්මා : එහෙම නම් විශ්වගේ ප්‍රසාද ස්නාපනය ලැබීම ඔයාට හොඳ අත්දැකීමක් වෙන්න ඇති.
පවන් : ඇයි අම්මේ විශ්ව මල්ලිගේ හිසට තුන් වරක් ම වතුර වත්කළේ?
අම්මා : එයින් අපව පිතා පුත්‍රයා ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් ජන්ම පාපයෙන් සෝදා හරිනවා.
පවන් : එතකොට අම්මේ විශ්ව මල්ලිගේ නළල මත ආලේප කළේ මොනවා ද?
අම්මා : එ තමයි පුතේ ශුද්ධ වූ තෛලය. මෙමගින් අපට ශුද්ධාත්ම වරම් ලැබෙනවා.
පවන් : විශ්ව මල්ලිට සුදු රෙද්දක් පලඳවනවාත් දැක්කා. පල්ලියේ තිබෙන ලොකු පාස්කු ඉටි පහනින් ඉටිපන්දම් දල්වා ගන්නවාත් දැක්කා. අම්මේ ඒ හැමදෙයක ම තේරුමක් තියෙනව ද?
අම්මා : ඔව් පුතේ! සුදු රෙද්ද පැලඳවීම තුළින් පිරිසිදුකම සලකුණු කරනවා. පාස්කු ඉටිපහනින් ඉටිපන්දම් දල්වා ගැනීම තුළින් ක්‍රිස්තුන් වහන්සේ විසින් එම දරුවා ආලෝකවත් කරනු ලබනවා.
පවන් : දේව දරුවන් වීම නිසා අපි හරි වාසනාවන්තයි නේ ද අම්මේ?
අම්මා : ඔව් පුතේ, අපි හැමෝ ම හරි වාසනාවන්තයි.
ජේසුස් වහන්සේ බෞතිස්ම ස්නාපනය කළ අවස්ථාවේ දෙවි පියාණන් පැවසූ වදන්
"ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි"(මාක් 1 : 11)
යාච්ඤාව
ආදර දෙවි පියාණෙනි, අද දින ප්‍රසාද ස්නාපනය තුළින් විශ්ව
මල්ලි දේව දරුවකු කර ජේසුස් වහන්සේ හමුවන්නටත්
උන්වහන්සේගේ ආදරය ලබා ගන්නටත් සලස්වා දුන්නාට ඔබ
වහන්සේට ස්තූති ප්‍රශංසා කරමු.
ආමෙන්.