පහත කවි තාලයට ගායනා කරන්න.
උදේ අවදි වූ විට දී - කෑම ගැනීමට පෙර දී
පාසල වෙත යන විට දී - ඉගෙනුම් කටයුතුවල දී
ක්‍රීඩා කරනා විට දී - ලෙඩ දුක් කරදරවල දී
දෙව් විමනට ගිය විට දී - මා කරනා යැදුමන් සැම
පෞද්ගලික යාච්ඤාව - ලෙස නම් කරමි //
පවුලක් ලෙස එකමුතු වී - ජපමාලය කියමු අපි
දුකේ දි මෙන් සතුටේ දිත් - ශුද්ධ වූ පැය කරමු අපි
පාසලේ දි සැම එක් වී - පසසමු දෙවි සමිඳුන් අපි
ඉරුදින දෙව් මෙහෙයේ දී - කරනා යැදුමන් සැම අපි
සාමූහික යාච්ඤාව - ලෙස නම් කරමු //
යාච්ඤාව
ආදර දෙවි පියාණෙනි, පෞද්ගලිකව පමණක් නොව සාමූහිකව ද
තමා මෙන් ම අන් අය වෙනුවෙන් ද යාච්ඤා කරන්නට අප යොමු
කළ මැනව.
ආමෙන්.