ශු. මාක් 1 : 40-45
ලාදුරු රෝගී මිනිසෙක්
ජේසුතුමන් වෙතට පැමිණ
දණින් වැටී එතුමන් ළඟ
පවසයි සුව කර දෙන ලෙස//
සමිඳුනි ඔබ කැමතියි නම්
පවිත්‍ර කළ හැක මා අද
ඇදහිල්ලෙන් ඔබතුමා ළඟ
අයැද සිටිමි මම මේ ලෙස//
ලාදුරු රෝගින් සැලකුවේ
පව් කළ සෙනඟක් ලෙසට ය
ඒ නිසා ම මුළු ජුදයෙ ම
කොන් විය ඒ සෙනඟ මෙලෙස//
ජේසුතුමා අසීමිතව
දයානුකම්පාව පෑව
ඔහු පිට අත දිගු කරමින්
මෙලෙස පැවසුවේ ය වදන්//
මම කැමතියි: පවිත්‍ර වනු
එලෙසින් එතුමන් පැවසුවා
සැණෙකින් ලාදුරු රෝගය
පහ වී ඔහු සුව වූවා//
ජේසුතුමන් සුව කළ බව
කිසිවකුටත් නොකියන ලෙස
ඔවදන් දී එතුමන් ඔහු
යැව්වේ පූජකයා වෙත //
සුව වූ ලාදුරු රෝගියා
දස දෙස ගොස් මෙම සිද්ධිය
පතුරා හැරියා මෙලෙසින්
සියලූ නුවර වැසියන් හට //
දයානුකම්පාව පෑවා
ජේසුතුමන් සියලූ දෙනට
අපිත් පුරුදු වෙමු එලෙසින්
කරුණාවෙන් සලකන්නට //
එතුමන් මෙන් සැම අය හට
කරුණාවෙන් සලකමු අපි
එය හොඳ ගුණයයි කවදත්
පුරුදු පුහුණු වෙමු සැම දෙන//
යාච්ඤාව
දෙවි ස්වාමීනී,
පුංචි මා වෙත ඔබ වහන්සේ වැඩිය මැනව. මාගේ පාපයෙන් මා
පවිත්‍ර කළ මැනව. ඔබ වහන්සේගේ කරුණාව මා හට සෑහේ. ඔබ
වහන්සේගේ දයානුකම්පාවෙන් මා පුරවාලූව මැනව.
ආමෙන්.