(1) අඩු කරන්න.
(2)අඩු කරන්න.
(3) හිස් කොටු පුරවන්න.
(4) කොටුවේ දැක්වෙන එක් එක් සංඛ්‍යාවෙන් 136ක් අඩු කර පිළිතුර ලබා ගන්න.
(5) ගැටලූ විසඳන්න.
- කූඩයක ඇති සුදු හා රතු බිත්තර ගණන 66කි. එයින් 38ක් සුදු බිත්තර නම් එහි ඇති රතු බිත්තර ගණන කීය ද?
- වෙළෙඳසලක කළු කුඩ 70ක් ද පාට කුඩ 42ක් ද තිබුණි. එහි පාට කුඩවලට වඩා කළු කුඩ කොපමණ තිබුණි ද?
- රඹුටන් 255කින් 39ක් නරක් වී ඉවත් කරන ලදි. ඉතුරු වූ රඹුටන් ගණන කීය ද?
- රාක්කයක තිබූ පොත් 970කින් 246ක් ඉතුරු වන සේ අනෙක් ඒවා ඉවත් කරන ලදි. ඉවත් කරන ලද පොත් ගණන කොපමණ ද?
- පාසලක සිටින මුළු ළමයින් ගණන 398කි. එයින් 189ක් පිරිමි ළමයි වෙති. එම පාසලේ සිටින ගැහැනු ළමයින් ගණන කීය ද?
- පොල් ගෙඩි 887කින් 709ක ලෙලි ඉවත් කරන ලදි. තව කොපමණ ගෙඩි ප්‍රමාණයක ලෙලි ඉවත් කිරීමට තිබේ ද?
- තරග විභාගයකට පෙනී සිටි සිසුන් ගණන 886 කි. සිසුන් 639ක් විභාගය සමත් වූයේ නම් අසමත් වූ සිසුන් ගණන කීය ද?
- කඩයක විකිණීමට තිබූ පොත් ගණන 892කි. පළමුවන දින විකුණූ පසු ඉතුරු වූ පොත් ගණන 436කි. එයින් දෙවන දින විකුණූ පසු ඉතුරු වූ පොත් ගණන 228කි.
- පළමුවන දිනය තුළ විකුණන ලද පොත් ගණන කීය ද?
- දෙවන දිනය තුළ විකුණන ලද පොත් ගණන කීය ද?