(1) අඩු කරන්න.
(2) A කොටුවේ ඇති සංඛ්‍යාවකින් B කොටුවේ ඇති ඕනෑම සංඛ්‍යාවක් අඩු කරන්න. (එවැනි ගණන් 5ක් ලියා පිළිතුරු සපයන්න.)
(3) ගැටලු විසඳන්න.
- වෙළෙන්දෙකු ළඟ කොමඩු ගෙඩි 256ක් තිබුණි. එයින් ගෙඩි 182ක් විකුණුවේ නම් ඉතුරු වූ ගෙඩි ගණන කීය ද?
- දුම්රියක මගීහූ 868ක් වූහ. එක්තරා නැවතුමක දී 439ක් බැස ගියේ නම් දුම්රියේ ඉතුරු වූ මගීන් ගණන කීය ද?
- ආපන ශාලාවකට දිනක දී විකිණීම සඳහා ගෙනෙන ලද බනිස් ගණන 325කි. දිනය අවසානයේ දී ඉතුරු වූ බනිස් ගණන 72කි. විකුණන ලද බනිස් ගණන කීය ද?
- මහවලතැන්න මහ විදුහලේ සිසුහු 595ක් සිටින අතර එහි කනිටු විදුහලේ සිසුහු 947ක් සිටිති. මහ විදුහලට වඩා කනිටු විදුහලේ සිටින සිසුන් ගණන කීය ද?
- ගබඩාවක වී ගෝනි 875ක් දැමිය හැකි ය. දැනට ඇත්තේ 580කි. තව වී ගෝනි කීයක් ගබඩාවට දැමිය හැකි ද?
- 400 ටක් බර ලූණු කුඩු පැකට්ටුවකින්, පාවිච්චි කළ පසු 130 ටක් ඉතුරු වී තිබුණි. පාවිච්චි කළ ලූණු කුඩු ප්‍රමාණය කොපමණ ද?
- ක්‍රිකට් පන්දුවක මිල රුපියල් 380කි. එය මිල දී ගැනීම සඳහා රුපියල් 500ක නෝට්ටුවක් දුන්නේ නම් ලැබෙන ඉතුරු මුදල කීය ද?
- බඹරකන්ද දිය ඇල්ල 263 m ක් හා දියලූම දිය ඇල්ල 171 m ක් උස ය. දියලූම දිය ඇල්ලට වඩා බඹරකන්ද දිය ඇල්ල කොපමණ උස ද?