1 - අකුරු සමග සෙල්ලම්

"ආයුබෝවන් දරුවනේ!"

"ආයුබෝවන් ගුරුතුමී!"

"දැන් හැමෝම වාඩි වෙන්න." පවනි සෙල්ලම් පන්තිය ආරම්භ කළා ය.


 

පවනිගේ යහළුවෝ සියලූ දෙනා ම පන්තියට සහභාගි වූහ.

"අද අපි අකුරුත් එක්ක සෙල්ලමක් කරනවා. හැමෝම ඒකට සහභාගි වෙන්න ඕනෑ," පවනි හැමෝටම ඇහෙන්න හයියෙන් කීවා ය.

"ඉස්සෙල්ලා ම මම පිලි නැති අකුරක් කියනවා. ඊට පස්සේ ඉස්සරහ ම ඉන්න කෙනා ඒකට පිල්ලක් දාලා කියන්න ඕනෑ. ඊළඟට ඉන්න කෙනා තවත් පිල්ලක් දාලා කියන්න ඕනෑ. හැමෝටම තේරුණාද?" පවනි ඇසුවා ය.

"ඔව්."

"එහෙනම් මම පටන් ගන්නවා."

"පළමු වැනි අකුර ‘ක’ " පවනි කීවා ය.

නිපුණ "කා" කීවේ ය. රාධා "කැ” කීවා ය. සහන් "කෑ” කීවේ ය.

ඒ අනුව අනෙක් ළමයි ද පිලි යොදා අකුරු කීහ.

කි, කී, කු, කූ, කෙ, කේ, කෛ, කො, කෝ, කෞ.

”හොඳයි මම තව අකුරක් කියනවා, ස."

”සා, සැ, සෑ, සි, සී, සු, සූ, සෙ, සේ, ෙසෙ, සො, සෝ,සෞ.”

"බොහෝම හොඳයි, හැමෝම ඒ සෙල්ලම හොඳට කළා.”

අපි තව සෙල්ලමක් කරමු. හැමෝම දෙන්නා දෙන්නා එකතුවෙන්න. සෙල්ලම කරන විදිහ මම කියා දෙන්නම්."

එක්කෙනෙක් අහසේ අකුරක් ලියන්න ඕනෑ. අනික් කෙනා ඒක කියවන්න ඕනෑ. කියෙවුවොත් දිනුම්, නැති නම් පරාදයි.

ඒ විදියට හැමෝමත් එක්ක සෙල්ලම කරන්න. සෙල්ලම හරියට කරනවා ද බලන්න මම එනවා.”

සියලූ දෙනා ම සතුටින් ක්‍රිඩාවේ නිරත වූහ. පවනි ගුරුවරියක මෙන් පන්තිය වටා ඇවිද්දා ය.

"බොහෝම හොඳයි.”

"අපි තවත් සෙල්ලමක් කරමු. දැන් හැමෝම කොළය බැගින් අරගෙන තීරු හයක් ඇති වගුවක් ඇඳ ගන්න. උඩ ම පේළියේ ගැහැනු, පිරිමි, මල්, පලතුරු, සත්තු, ගම් කියා ලියන්න.”

පවනි කොළයක පහත සඳහන් පරිදි ලියා පෙන්නුවා ය.

"මම අකුරක් කියනවා. ඒ අකුරෙන් පටන් ගන්නා නම්වලින් වගුව සම්පූර්ණ කරන්න. ඕනෑ නම් අකුරට පිලි යොදන්නත් පුළුවන්. එක නමකට ලකුණු 10ක් ලැබෙනවා. ඒත් එක ම නම දෙන්නෙක් ලියා තිබුණොත් දෙන්නාට ම ලකුණු 5 බැගිනුයි ලැබෙන්නේ.

පවනි "ර” අකුර කීවා ය. සියලූ දෙනා ම "ර” අකුරෙන් පටන්ගන්නා වචන යොදා තම තමන්ගේ වගු සම්පූර්ණ කළේ ය.

මනුක පහත සඳහන් පරිදි තමාගේ වගුව සම්පූර්ණ කළේ ය. ඒ නම් අනෙක් අය ලියා නො තිබිණි. ඒ නිසා ඔහුට ලකුණු 10 බැගින් ලකුණු 60ක් ලැබිණි. පවනි තවත් අකුරු 10ක් කීවා ය. අවසානයේ සියලූ දෙනා ම තම තමන්ගේ ලකුණු එකතු කර බැලුහ. වැඩි ම ලකුණු ගෙන ජයග්‍රහණය කළේ මනුක ය. සියලූ දෙනා ම අත්පොළසන් දී ඔහුට සතුට පළ කළහ.

"ආයුබෝවන් දරුවනේ, අපි ඊළඟ දවසෙ තවත් සෙල්ලමක් කරමු."

”ආයුබෝවන් ගුරුතුමී”