වීරාවලිය 4 : 4 - 8
දෙවි සමිඳුන් කලින් කලට - වීරවරුන් පත් කෙරුවා
ඊශ්‍රායෙල් ජනතාවට - ඔවුන් නිතර මඟපෙන්නුවා
ජාබින් නම් සතුරු රජෙක් - විසි වසරක් බලවත් විය
ඊශ්‍රායෙල් ජනතාවට - දුක් පීඩා ඇති කළේ ය
ජාබින්ගේ සේනාවේ - අධිපතියා සිසෙරා විය
නවසියයක් යකඩ රථ ද - හමුදාවක් ඔහු සතු විය
ඊශ්‍රායෙල් ජනතාව ම - දෙවි තුමන්ට මොරගැසුවා
මෙවැනි කලක දෙවිඳු තුමන් - දෙබෝරාව පත් කෙරුවා
වීරවරිය දෙබෝරා ද - කීකරු වී සමිඳුන් හට
ඉඳිගස යට සිට නිතර ම - ඔවදන් දුන්නා සැමට ම
දෙවිඳු තුමන් පැවසූ ලෙස - දෙබෝරා කටයුතු කළා ය
බාරාක් නම් තැනැත්තා හට - වගකීමක් පැවරුවා ය
තාබෝර් කන්දට ජනයා - දසදහසක් කැඳවීමට
දෙව් අණ ලෙස ඇය උපදෙස් - දුන්නා මේ බාරාක් හට
සටනේ දී දෙවි සමිඳුන් - සිටින බවට ධෛර්ය දුනි
සිසෙරාගේ හමුදාවෙන් - ජය දෙන බව පහදා දුනි
ඇය දුන් උපදෙස් සැම දෙන - ඒ ලෙසට ම ඉටු කෙරුවා
ඊශ්‍රායෙල් ජනයා හට - සමිඳුන් ජය ගෙන දුන්නා
ඊශ්‍රායෙල් ඉතිහාසයේ - එක ම වීරවරිය ලෙසට
දෙබෝරාට පුළුවන් වු‚ - වටිනා මෙහෙයක් කරනට
දෙබෝරා මෙන් දේව මඟපෙන්වීම ලබමු.
නිවැරදි නායකත්වය දරමු!