8 - දේව හඬට කීකරු වෙමු

ශු. ලුක් 1 : 6 - 7, 24 - 25, 57 - 68
එලිසබෙත් සහ සෙකරියස් මහලූ වියේ සිටි දැහැමි යුවළකි. ඔවුහු දෙවියන් වහන්සේගේ ආඥා නිවැරදිව පිළිපදිමින් ජීවත් වූහ. එහෙත් එලිසබෙත්ට දරුවෙක් නොසිටියේ ය. සෙකරියස් පුජකයෙකි. දිනක් ඔහු දුම් පුජා කරමින් ශුදධස්ථානයේ සිටියේ ය. වයස්ගතවු ව එලිසබෙත්ට දරුවකු ලැබෙන්නට යන බව ගාබ්‍රියෙල් දේවදුතයා විසින් සෙකරියස්ට ප්‍රකාශ කරන ලදි. ඔවුන් වයස්ගත වූ අය නිසා මෙම පුවත විශ්වාස කිරීමට සෙකරියස් තරමක් ප්‍රමාද විය. එහෙයින් දරුවාගේ උපත දක්වා සෙකරියස්ට කතා කළ නොහැකි විය. දරුවා ඇති දැඩි කළ යුතු ආකාරය ගැන දේවදුතයා සෙකරියස්ට උපදෙස් ලබා දුන්නේ ය. දේවදුතයා කී පරිදි එලිසබෙත්ට පුතකු ලැබිණ. ඒ ගැන ඇය දෙවිඳුන්ට ප්‍රශංසා කළා ය.


දරුවා ඉපදී අට වන දිනයේ දී ජුදෙව් චාරිත්‍ර අනුව චර්මඡේදන පිළිවෙත සිදු කරන දින එළඹුණේ ය.


පළමු
අසල්වැසියා: දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා! උන්වහන්සේ එලිසබෙත්ට පුතෙක් ලබා දුන්නා.. අනේ....හරි ම සතුටුයි!


පළමු
ඥාතියා: ඔව් ඒක ඇත්ත.. දෙවියන් වහන්සේ ඇයට ගොඩක් ආදරෙයි. මෙපමණ කාලයක් ඇය දරුවකු නැතිව සිටියේ.. එහෙත් දෙවියන් වහන්සේ මහලූ වයසේ දී පවා ඇයට දරුවකු ලබා දුන්නා.


දෙවන
අසල්වැසියා: එලිසබෙත්, ඔය දරුවා රැගෙන එන්න... චර්මඡේදන පිළිවෙත ආරම්භ කරන්න අපි සූදානම් වෙමු.(දරුවාට නමක් තැබීමට සියලූ දෙනා සූදානම් වෙති)

 

දෙවන
ඥාතියා: තාත්තාගේ නම සෙකරියස් නිසා අපි මේ දරුවාටත් "සෙකරියස්" කියලා නම තියමු.


අසල්වැසියෝ
හා ඥාතියෝ: ඔව්... ඔව්.... ඒක හොඳයි.


එලිසබෙත්: හ්ම්... (එලිසබෙත් මඳක් කල්පනා කරමින්) අපි සෙකරියස් කියලා නෙවෙයි "ජොහන්" කියලා දරුවාට නම තියමු.


තුන්වන
ඥාතියා : (අසල්වැසියන් හා ඥාතීන් එකිනෙකා වටපිට සිටින අය දෙස බලමින්, කතා කරමින්) අපේ නෑදෑයන් අතරවත් "ජොහන්" කියලා නමක් නැහැනේ.


හතරවන
ඥාතියා : හ්ම්... ඔව්... අපි බලමු මොකක් ද කියලා සෙකරියස් මේ දරුවට තියන්න කැමති නම?


සෙකරියස්ට සංඥා කරමින් නෑදෑයෝ දරුවාගේ නම පිළිබඳව අදහස විමසා සිටියෝ ය. සෙකරියස් සංඥා කර ලිවීමට හැකි ලෑල්ලක් ඉල්ලා ගත්තේ ය. එහි දරුවාගේ නම "ජොහන්" යැයි ලීවේ ය. නෑදෑයෝ සියලූ දෙනා ද පුදුම වුහ. එවිට සෙකරියස්ට නැවත කතා කිරීමට හැකියාව ලැබුණි. එතැන සිටි සියලූ දෙනා තව තවත් පුදුමයට පත් වූහ.

සෙකරියස් : දෙවියන් වහන්සේට ස්තුතියි! නැවත මට කතා කරන්න හැකියාව ලැබුණා.

අසල්වැසියෝ
හා ඥාතියෝ : ආහ්...! (සියල්ලන් පුදුමයට පත් වෙමින්...) දෙවියන් වහනසේට ප්‍රශංසා වේවා... හරි ම පුදුමයි... දෙවි පියාණන් නැවත සෙකරියස්ට කතා කරන්නට පුළුවන්කම ලබා දුන්නා.


මහලූ වයසේ දී වුවත් එලිසබෙත්ට දරුවෙක් ලැබුණේ ය. සෙකරියස් දරුවාට "ජොහන්" යැයි නම තබමින් දේව නියෝගයට කීකරු විය. සෙකරියස්ට නැවත කතා කිරීමට හැකියාව ලැබුණි. දේව ගරු බිය ඇතිව දෙවියන් වහන්සේට කීකරු වීම නිසා එලිසබෙත් හා සෙකරියස් තම ජීවිතවලට වටිනාකම් රාශියක් හිමි කර ගත්තෝ ය.


දේව නියෝගවලට කීකරු වෙමු.
ජීවිතයට වටිනාකම් හිමි කර ගනිමු!